නිවාස ඉදි නොකර කිසිවෙකුට උන් හිටි තැන් අහිමි කරන්නේ නැහැ. - රවී(photos)

Published in පුවත්
Tuesday, 07 July 2015 14:26

නිවාස ඉදිනොකර කොළඹ නගරයේ කිසිවකු පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹ නගරයේ ජනතාවට හිසට සෙවණක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
රටේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 12ක් විදිහට ගණන් බලලා තියෙනවා. ඉන් නිවාස ලක්ෂ 5ක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රීක්කයේ ජනතාවටයි.ඉන් හරි අඩක් ඒ කියන්නේ නිවාස ලක්ෂ දෙකහමාරක හදන්න අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මේ වැඩේට අවුරුදු 3ක් විතර යනවා. අපි ඒ කටයුත්ත අවුරුදු එක හමාරකින් විතර හදන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ ජනතාවගේ ප්‍රශ්න වලින් 80% ක් විතර ඉවරයි.

හම්බන්තොට වරාය හදන්න කෝටී 19,800ක් වියදම් වුණා. ඔය වරාය හදන්න ගිය ගාණින් 10%ක් වියදම් කළා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය සෑහෙන දුරට විසඳිලා. එකෙන් තේරෙන්නේ මුදල් නොමැතිකම නෙමෙයි ඒවා නිසි කලමනාකරණයකින් තොරව වියදම් කිරිමේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳිමින් ඉන්නේ.
යහපාලන ආණ්ඩුවේ වෙනස මෙන්න මේකයි. අප වැය කරන හැම සතයක් ගැනම වගකීමක් අපට තිබෙනවා. ඒ නිසා කොළඹ ජනාතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම අපහසු කාරණාවක් නෙවෙයි කියන එක සඳහන් කළ යුතුයි.

ඒ වගේම එක පොරොන්දුවක් දෙන්න කැමැතියි. ඒ තමයි නිවාස හදන්නේ නැතුව කිසිවෙකුත් දැනට පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව වගකීමකින් යුතුව සඳහන් කරනවා.

raviya

ravi

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us