ඩිව් කටයුතු කරල තියෙන්නේ දේශපාලන වාසි වෙනුවෙන් -අගමැති

Published in පුවත්
Tuesday, 07 July 2015 13:26

පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුවේ එදා සිදුවූ දේවල් ගැන සොයන්නේ නැතිව ඩිව් ගුණසේකර එදා සිටියේ නින්දේ බව අගමැතිවරයා පවසයි.මහ බැංකු බැදුම්කර සම්බන්ධ කෝප් අතුරු කමිටුවේ වාර්තාව පිළිගත නොහැකි බව අද(07) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ දේශපාලන වාසි වෙනුවෙන් යැයි අගමැතිවරයා එහිදී චෝදනා කළේය.මහ‍ජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ආරක්ෂා කළ යුතු බවත්, දේශපාලන වාසි වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවත් පැවසුවේය.

ජනතාවගේ මුදල් ආරක්ෂා කළ යුතු බව හා එසේ කළ නොහැකි නම් එවැනි තැන්වල නොසිටිය යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා තිබියදී ඩිව් ගුණසේකර මහතා පාර්ලි‍ෙම්න්තුවේ වාර්තාවක් තමන්ගේ ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරමින් සිදුකර ඇත්තේ ලොකු වංචාවක් බවත් කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඒ සම්බන්ධයෙන් සුජිව සේනසිංහ මහතා සමග රුපවාහිනි විවාදයකට එන ලෙස අග්‍රාමත්‍යවරයා අභියෝග කර සිටි.

මහ බැංකු බැදුම්කර සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිපත් කළ හැකි වාර්තාවක් ලෙස සකස් කර නොතිබු බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එසේම ඒ පිළිබද කරනු ලබන පරික්ෂණයට අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමාගෙන් කරුණු සටහන් කර ගන්නා ලෙස කිහිප වරක්ම ඉල්ලීමක් කර සිටියද එම අවස්ථාව ලබා නොදුන් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළේය. කෝප් කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට අගමැතිවරයාට යා හැකි බවත්, එය වෙනත් රටවල පවා සිදුවන සාමාන්‍ය දෙයක් බවත්, අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මේ පිළිබද ඉදිරි පාර්ලිමේන්තුවේ දී මාස 03 ක් ඇතුළත තේරීම් කාරක සභාවක් මගින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ranil-02

Last modified on Tuesday, 07 July 2015 13:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us