මහින්ද මල් පොහොට්ටුවේ පිහිට පතයි

Published in පුවත්
Tuesday, 07 July 2015 10:47

ඉදිරි මහමැතිවරණයේදී මෛත්‍රී-මහින්ද සහ‍යෝගයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට නොලැබුනහොත් විමල් ගී ගනගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් 'මල් පොහොට්ටුව' ලාංඡනයෙන් තරඟකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි. පසුව මේ ආකාරයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ නොකළ බවත් නිවේදනය බොරුවක් බවත් අර්ජුන රණතුංග මහතාගේ නමින් පළවුණු ෆේස්බුක් පිටුවක දැක්විණි.

පසුව ඒ ෆේස්බුක් පිටුව තමාගේ අනුදැනුමෙන් සිදුකරගෙන යන එකක් නොවන බවත්, එහි පළවන දේ සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුව ප්‍රකාශ කර තිබිණි.

‍කෙසේ වෙතත් මෛත්‍රී-මහින්ද සහයෝගිතාව මේවන විට යම්තාක් දුරට දෙදරවන ලකුණු පහළවී තිබේ.

මේ අතර ජනවාරි මස 08 වන දින ආරම්භ කරනු ලැබූ ජනතා අරගලයේ හරයන් කිසිසේත්ම පාවාදීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කළ බව එහි මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු 'ජාතික හෙළ උරුමය'එම සන්ධානයෙන් ඉවත්ව 'එක්සත් යහපාලන ජාතික පෙරමුණ'නමින් නව සන්ධානයක් ප්‍රකාශයට පත් කරන ලදී.

පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ කෙසේ හෝ මැතිවරණ සටනට පැමිණීමේ අභිලාෂයෙන් පසුවන මහින්ද රාජපක්ෂ කණ්ඩායම හිතවාදී පාර්ශවය හා වෙනත් ප්‍රගතිශීලි බලවේගද එක්කරගනිමින් 'මල් පොහොට්ටුව'ලකුණ යටතේ තරඟවදිනු ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Last modified on Tuesday, 07 July 2015 11:51

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us