ලංකා ඩේලි වෙබ් අඩවියේ පළමු උපන්දිනය අදයි Featured

Published in පුවත්
Tuesday, 07 July 2015 10:09

ලංකා ඩේලි වෙබ් අඩවිය පසුගිය වසරේ ජූලි 07 වන දින සයිබර් අවකාශයට මුහු විය. විද්‍යුත් පුවත්පත් ක්ෂේත්‍රය අභියෝගයකට ලක්ව තිබු කාලයක අප විසින් එහි යම් තීරණාත්මක කාර්ය භාරයකට කර ගැසූ බව කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසීමට අපට හැකිව තිබේ.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමය පරාජයට පත් කිරීම සඳහා ඊට එරෙහිව වන සමාජ ක්‍රියාකාරිත්වයට පක්ෂපාත කාර්ය භාරයට අප එකතු වූයේ මෙරට ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අරගලයට මාධ්‍යවේදීන් ලෙස අපටද වගකීමක් ඇති නිසාය. එවකට තිබූ අවධානම් සහගත තත්වය හමුවේ වුව ඉදිරි පෙළේ සිට ඒ වෙනුවෙන් සටන් කිරීමේ ශක්තිය ධෙෙර්යය අපට තිබිණි. අද දිනයේදිද අප පෙනී සිටින්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඒ සම්බන්ධයෙන් කිසිදු දෙගිඩියාවකින් තොරව පෙනී සිටීමේ ශක්තිය හා ධෙෙර්ය අප සතුය,

මේ දක්වා අප වෙබ් අඩවිය සමඟ අති විශාල පාඨකයන් පිරිසක් එක් වී සිටී. ඒ ඇතැම් දිනෙක වෙබ් අඩවියේ පිවිසුම් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහස දක්වා වූ තරම් විශාල සංඛ්‍යාවක් විය. සාමන්‍ය වශයෙන් දිනපතා දස දහසක පහලොස් දහ්සක පාඨක සංඛ්‍යාවක් පිවිසෙන අප වෙබ් අඩවියට ඇතැම් දිනෙක ලක්ෂය ඉක්මවූ පාඨක පිරිසක් පිවිසූන අවස්ථාද විය. කෙසේ නමුත් කිසිදු ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයකට සම්බන්ධතාවයක් නොමැතිව කිසිදු දෙශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ ඓන්ද්‍රීය සම්බන්ධය හෝ නොමැතිව අන්තර්ජාලය පරිහරණය කරන ග්‍රාහකයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියක් බවට ලංකා ඩේලී අද පත්ව තිබේ.

එම තත්වය උදා වීමට හේතුව අපගේ මති මතාන්තර ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් වන පක්ෂපාතිත්වය මත හැඩ ගැසුනු හා සෘජුව ඒ වෙනුවෙන් පෙනී සිටීම නිසාවෙන් බව අප විශ්වාස කරමු.

එම විශ්වාසය තුළ ඉදිරියටත් අප අපගේ යුග මෙහෙවර ඉ‍ටු කරමු.

Last modified on Tuesday, 07 July 2015 11:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us