රනිල්, චන්ද්‍රිකාටයි මෛත්‍රීටයි රට වෙනුවෙන් දේශපාලනය කරන හැටි කියල දෙයි

Published in පුවත්
Monday, 06 July 2015 09:08

දේශපාලන විප්ලවයක් කැර ජනවාරි අටවැනිදා භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ ආපසු භාර දෙන බව තමා නිර්භයව පවසන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.

අගමැතිවරයා එසේ සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ ඊයේ (5) සවස පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජන්මදින සැමරුම් උළෙලට එක් වෙමිනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනිය ඉදිරියෙහි තබා ගෙන වික්‍රමසිංහ මහතා පසුගිය එජාප ආණ්ඩු සමයේදී බණ්ඩාරනායක මහත්මිය රට වෙනුවට ශ්‍රී ලනීපය ‍රැක ගැනීමට ගත් උත්සහය නිසා රටට අත්වූ ඉරණම මතක් කළ අතර මෙවර ජනපති සිරිසේන මහතාත් රට වෙනුවට ශ්‍රී ලනීපය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවාද යන්න ගැන සැකයක් ඇතිවන බවත් අවධාරණය කළේය.

එහෙත් මූලික ප්‍රතිපත්ති එකඟතා මත තමා ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් හදන බව කී අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් ලෙස කටයුතු කරණු ඇතැයි තමා අපේක්ෂා කරන බව අනාවරණය කළේය.

ජනතා ප්‍රශ්න විසඳාළීමට සියලු දෙනා එකට එක්වීම අවශ්‍ය යැයිද වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනවාරි අටවැනිදා ජනාධිපතිවරයා සමඟ ඇති කැර ගත් පාලනය පිළිගන්නවාද එසේ නැත්නම් එය ආපසු හරවනවාදැයි තමා ප්‍රශ්න කරන බව ද අගමැතිවරයා කීවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us