මෛත්‍රී අන්දන්නේ චන්ද්‍රිකාවද මහින්දවද රටද ?

Published in පුවත්
Monday, 06 July 2015 08:50

මහින්ද රාජපක්ෂට හා කිසිදු දූෂිතයෙකුට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදෙන බව ඊයේ ජනාධිපතිවරයා , මාදුළුවාවේ සෝභිත හිමි, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවේ පවසා ඇත. බණ්ඩාරනායක මහත්මියගේ ජනම දිනය අල්ලා පැවැති උත්සව අවස්ථාවකින් පසුව මේ බව ඔවුන් හමුවේ ප්‍රකාශ කොට ඇත.

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසූවද ජාතිය හමුවේ මේ සම්බන්ධ කිසිදු නිශ්චිත ප්‍රකාශයක් තවම සිදු නොකළේය.

මහින්දවාදී කොටස් මේවන විටත් ජනාධිපතිවරයාගෙන් ලැබුණේ අවසරය මත එජනිසෙන් මැතිවරණයට  ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවේ. එමෙන්ම මෛත්‍රී පාර්ශවයේ විශ්වාන්තවන්තයකු ලෙස සැලකෙන ශ්‍රී ලනීප ලෙකම් අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය හමුවේ පැවැසූවේ මහින්ද රාජපක්ෂට ශ්‍රි ලනිපයෙන් නාම යෝජනා ලැබෙන බවත් සන්ධානය නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවරද නාම යෝජනා ලැබෙන බවත්ය.

ජනාධිපතිවරයා මහින්ද පාර්ශ්වයට සුභවාදී පිළිතුරකුත් මහින්ද විරෝධීන්ටත් සුභවාදී පිළිතුරකුත් මේවන විට ලබා දී ඇති බව පැහැදිලිය. අපගේ ප්‍රශනය මේ දේශපාලන සූදුවෙන් රටට සිදුවන යහපත කුමක්ද යන්නය. පැහැදිලිව තම ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පැකිලීම තව දුරටත් රටේ දේශපාලන ස්ථාවරතවය ව්‍යාකූල කරමින් පවතී. අවසන් මොහොතේ ගන්නා තීන්දු තීරණ කවරක් වූවත් ඒ රටේ ප්‍රගතියට හේතු නොවී තමතමන්ගේ ගොඩ බේරා ගැනීම වෙනුවෙන් වන කරුණක් වුව හොත් පරදින්නේ රටය. රටේ පුරවැසියාය.

Last modified on Monday, 06 July 2015 09:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us