මහින්ද සමඟ සන්ධාන ආණ්ඩුවක් හදනවා. ජනපති දැඩි ස්ථාවරයක.

Published in පුවත්
Sunday, 05 July 2015 11:12

ඉදිරි මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා සන්ධාන ආණ්ඩුවක් බිහිකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පවසන ලෙස ජාතික ආණ්ඩුවක්  බිහි නොවන අතර මීළඟ අග මැතිවරයා ශ්‍රී ලනීපයෙන් බිහිවීමට ඉඩ ඇත.
 
සිරිසේන මහතා සිය සමීපතම හිතවතකු හා පවසා ඇත්තේ නොදන්න යකාට වැඩිය දන්න යකා සමඟ වැඩ කිරීම පහසු බවය.  නොදන්න යකා ලෙස හඳුන්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. දන්න යකා මහිද රාජපක්ෂ මහතාය.
 
ඊයේ(04) ජනාධිපතිවරයා මාතරදී  08 වන දින ලැබූ ජයග්‍රහණය ආපසු හරවන්නේ නැති බවටත් පවුල්පාලනයට යළි ඉඩ නොදෙන බවත් පැවැසූ නමුත් මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දෙන්නේ නැති බව නොපැවසීමට පරෙස්සම් විය. 
 
එමෙන්ම ඊයේ අගමැතිවරයා නිකුත් කළ ට්වීටර් පණිවිඩයකින් කියැවුණේ 08 වෙනිදා ලැබු ජය 'තමන්' ආපසු හරවන්න ඉඩ නොදෙන කතාවකි. එයින් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා ඒ ජයග්‍රහනය පාවා දුන්නද තමන් ඒ පාවා නොදෙන බවය. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ එක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයාද දැනුම්වත් භාවයක සිටින බව පැහැදිලිය.
 
ඒ කෙසේ නමුත් ජනාධිපතිවරයා, රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දීමට ගත්  ස්ථාවරයට ඔහු ජනාධිපතිධුරයට පත් කරන ලද සියලු බලවේගත් එදා රාජපක්ෂ මහතා සමඟ සිටි නමුත් මේවන විට සිරිසේන මහතාට සමීව වූ ශ්‍රී ලනීප ජේෂ්ඨයන්ද දැඩි විරෝධයක් පළ කරමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us