රිෂාඩ් බදුරුදීන් යහපාලනය මුවාවෙන් නීතිවිරෝධී ක්‍රියාවල නිරතවෙනවා

Published in පුවත්
Saturday, 04 July 2015 12:24

අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී වන්නි පලාතේ භාණ්ඩ බෙදීමක නිරතවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ෆාරුක් මහතා පවසන්නේ යුද්ධයෙන් බරපතල හානි සිදුවී පිරිසක් වෙනත් තැන්වල සිටියදී ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කර ගෙන ඔවුන්ගේ හිතවතුන් හට රජයේ මුදල් වලින් රුපියල් 10,000ක් සහ මහන මැෂින් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.

රජයේ මුදල් වලින් භාණ්ඩ ලබා දෙනවා නම් අදාල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුදැනුම මත ලබාදිය යුතු බව ඔහු පවසයි. පාර්ලිමේන්තුව විසිරුවා තිබෙන මේ මොහොතේ මෙවැන්නක් සිදු කළ යුතු නම් එය කලයුත්තේ ප්‍රාදේශීය ලේකම් වරයා විසින් මිස රිෂාඩ් බදුරුදීන් මහතා විසින් නොවන බව ඔහු පවසයි.

මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ සිටියදී වංචා දූෂණ සිදුකර දැන් දැන් මේ පැත්තට පැන යහපාලනය නාස්තිකරමින් සිටින බවත් මේ ගෙනයන වැඩපිලිවල කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව ඔහු පවසයි. මේ පිලිබඳව ජනාධිපතිවරයා මීට වඩා සොයාබැලිය යුතුව ඇති බවත් මෙම අකටයුතුකම් පිලිබඳ සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයාටද වගකීමක් ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි.

Last modified on Saturday, 04 July 2015 12:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us