ශ්‍රී ලනීපය සන්ධානයෙන් ගැලවෙයි ? Featured

Published in පුවත්
Saturday, 04 July 2015 10:32

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවැසූවේ හොරුන්ගෙන් වංචාකාරයන්ගේන් ජාතිවාදීන් පිරී තිබෙන එජනිසෙන්, ශ්‍රී ලනීපය වෙන් කර එහි පිරිසිදු භාවය ආරක්ෂාකර ගත යුතු බවත් ජනතාවට ද්‍රොහී නොවන දේශපානයක් ‍රැගෙන මෙවර මහ මැතිවරණයේදි ජනතාව හමුවට යාමට සිදුවනු ඇති බවත්ය.

රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීම ගැන වූ සාකච්ඡාවලදී රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීම සිදුවන්නේ ශ්‍රී ලනීපයෙන් නොව සන්ධානයේ වෙනත් පක්ෂයකින් බවටත් එකඟතාවයකට පැමිණ තිබෙන බවද දැනගන්නට තිබේ.

අප මීට පෙර පුවත් ගනනාවකදී හෙළි කළ පරිදී මහින්ද රාජපක්ෂ මහතා වෙනම තරග කිරීම අකුලා ගනු ලැබුවේ වෙනම තරග කර ජයගත නොහැකි බවට රාජපක්ෂ මහතා ස්තිර තීන්දුවක සිටි බැවිනි. එම නිසා කවර ක්‍රමයකින් හෝ සන්ධානයේ අපේක්ෂකත්වය ඔහු බලපොරොත්තු විය.

කෙසේ නමුත් ඊයේ හිටපු ජනාධිපතිවරයාට එජනිසෙන් නාම යෝජනා ලබා දීමට එකඟ වීම නිසා ශ්‍රී ලනීප නායකයන් හා පක්ෂෛකයන් ‍රැසක් කළකිරීමෙන් පසුවන අතර ඉන් විශාල පිරිසක් මෙවර එජාපය හා එක් වන බවට මේවන විටත් ප්‍රකාශ කර තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us