ඖෂධීය නාමයෙන් පමණක් ඖෂධ නිකුත් කරනවා-රාජිත

Published in පුවත්
Friday, 03 July 2015 15:00

ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙමඟින් මිනිස්සුන්ට දැනෙන පළවෙනි දෙය ඖෂධ මිල අඩුවීම බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය කිරීමේ නිල උත්සවය එක්වෙමින් රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙහාදී ඔහු වැඩිදුරටත් පැවසුවේ විවෘත ආර්ථිකයේ දේවස්ථානය ලෙස සැලකෙන ඇමරිකාවේ ඖෂධවලින් සියයට 85ක් ඖෂධ නාමයෙන් භාවිත කරන බවයි. ඇමරිකාවේ, බි‍්‍රතානයේ වෛද්‍යවරුන් සියයට 85ක් ඖෂධ ලියන්නේ ඖෂධීය නාමයෙන් බවත් නූතන ලෝකය මහාචාර්ය සේනක බිබිලේ පැවසූ දේ පිළි අරගෙන ගමන් කර හමාර බවත් එම ප්‍රතිපත්තිය අපි පිළිනොගන්නට කිසිම හේතුවක් නැහැ යනුවෙන් පැවසුවේය.

ඖෂධීය නාමයෙන් ඔෟෂධ ගෙන ඒමට නම් ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් අවශ්‍ය බවත් මේ වන විට චීන රජයෙන් එය ලබාදීමට පොරොන්දු වී අැති බවත් සදහන්කළේය. ඒ මඟින් මේ රටේ සිටින සියලු ම වෛද්‍යවරුන්ට සෑම ඖෂධයකම නියම ගුණය ගුණාත්මකභාවය බලා ගැනීමට හැකිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us