මහින්ද එනවා නම් අපිට හොඳයි - කබීර් හෂීම්

Published in පුවත්
Thursday, 02 July 2015 08:36

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීම එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට විශාල තල්ලුවක් බවද ඒ මහතා පෙන්වා දෙයි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීමට තීරණය කර තිබෙන අතර එම මැතිවරණයෙන් පසුව දේශපාලන වශයෙන් ඒ මහතා කුණු කූඩයට විසිවන බවද කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

ජනතාව ප්‍රතික්ෂේප කළ කණ්ඩායමක් සමඟ මීළඟ ඡන්දය සඳහා පැමිණීමෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන බව පෙන්වා දෙන එම පක්ෂයේ මහලේකම්වරයා ඒ තත්ත්වය අපට විශාල පහසුවක් බවද කියා සිටී.

දූෂණ, වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති දේශපාලනඥයන් ඊළඟ ඡන්දයේදී ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වනු ඇතැයි විශ්වාසය පළ කළ ඒ මහතා හිටපු ජනාධිපතිවරයා යළි මැතිවරණයකට පැමිණීම සදාචාරසම්පන්න නොවන බවද පෙන්වා දෙයි.

මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විශ්‍රාම යාමෙන් අනතුරුව යළිත් වරක් දිස්ත්‍රික් අධිකරණයක නඩු විභාග කිරීම සඳහා නොපැමිණෙන බවයි.

dinamina

Last modified on Thursday, 02 July 2015 08:42

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us