කොටකෙතන තීන්දුව 03 වැනිදා

Published in පුවත්
Monday, 29 June 2015 14:28

2012 වර්ෂයේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දාහත් හැවිරිදි දියණියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන්ට එරෙහිව ඇප නියම කිරීම පිළිබඳ තීන්දුව ජුලි මස 03 වනදා ලබාදීමට නියමිතය.

දීර්ඝ කාලයක් විත්තිකරුවන් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයෙන් අද ඉල්ලීමක් කළේය.

ඔවුනට දරුවන් 5 දෙනකු සිටින බවත් (අවුරුදු 8 - 17 වයස් සීමාවේ) ඔවුන්ගේ ආරක්ෂාව පතා ඇප අයදින බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඉල්ලීම දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය කියා සිටියේ විත්තිකරුවන්ට ඇප නියම කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ජුලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

2012 වර්ෂයේ ජනවාරි මස 30 වනදා කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවෙකු සහ විත්තිකාරියකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us