මහ මැතිවරණය අවසන් වන තුරු රාජ්‍ය සහ පොලිස් සේවයේ ස්ථාන මාරු තහනම්

Published in පුවත්
Saturday, 27 June 2015 13:42

ලබන මස 6දා සිට මහමැතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය සේවයේ සහ පොලිස් සේවයේ සියලූ ස්ථාන මාරු තහනම් වන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් මේ බව සදහන් කළේය.

2015 ඡන්ද හිමි නාම ලේඛනය ද සකස් කර ඇතත්, ඉදිරි මහමැතිවරණය සදහා 2014 ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන්නේ ද යන්න විමසමින් මැතිවරණ කොමසාරිස්වරයා ලියාපදිංචි සියලූම දේශපාලන පක්ෂ වෙත ලිපියක් ද යොමු කර තිබේ. තමන් තරඟ වදින්නේ තනිව ද නැතහොත් සන්ධානගතව ද යන්න දේශපාලන පක්ෂ එහිදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුය.

මෙවර මහමැතිවරණයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා නොගැනීමට ද අවධානය යොමු වී තිබේ. අදාළ කාලසීමාවේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට අවහිරතා ඇති වීම වළක්වාලීම මෙහි අපේක්ෂාව වේ.

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 400ක් වැය වෙනු ඇති බවද ඔහු අවධාරණය කළේය.

Last modified on Saturday, 27 June 2015 13:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us