ඉන්ධන දහනය අඩුකර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගමු

Published in පුවත්
Saturday, 27 June 2015 11:50

දහනයේදී කාබන්ඩයොක්සයිඞ් මුදාහරින ඉන්ධන භාවිතය අවම කළ හැකි නම් වඩා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බිහිකර ගත හැකි බව ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පවසයි. ‘‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප‍්‍රවේශය’’ මැයෙන් කොළඹදී ඊයේ (26)ආරම්භ වූ සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසුවේය.

ජීව ඉන්ධන සහ වෙනත් දියුණු තාක්ෂණික ක‍්‍රම භාවිතයට ගතහොත් පරිසර හිතකාමී ලෙස බලශක්තිය උපදවා ගත හැකි බව මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට බොරතෙල් බැරල් මිලියන 91කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලොව පුරා භාවිත කෙරෙන බව ද ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පෙන්වා දුන්නේය. බොරතෙල් සඳහා දරන මෙම වියදම පරිසර දූෂණය කිරීම සඳහා ද දරන වියදමක් බව ඔහු කියා සිටියේය.

වසර 2030 වනවිට ශ්‍රී‍්‍ර ලංකාව, විදුලි හා බලශක්ති ක්ෂේත‍්‍රයන්ගෙන් ස්වයං පෝෂිත වනු ඇතැයි අබ්දුල් කලාම් මහතා කියා සිටියේය.

ඉදිකිරීම් කටයුතු සඳහා අඩු වියදම් තාක්ෂණය යොදා ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වාදෙනු ලැබුවේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us