මහින්දට මෛත්‍රීගේ තැන දෙයි

Published in පුවත්
Friday, 26 June 2015 08:54

හිටපු ජනාධිපතිවරයකු වන ඩී.බී. විජේතුංග මහතා කලක් පදිංචිව සිටි නිල නිවෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිහරණය සඳහා දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින බවත්, ජනාධිපතිතුමා එම නිවෙසේ පදිංචියට ගිය පසු දැනට එතුමා පදිංචිව සිටින නිල නිවෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන බවත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් අලුත්වැඩියා කෙරෙන නිවෙසට අලුත් අංග එකතු කිරීම වැනි අමතර වියදම් කිසිවක් සිදු නොවන බවත්, එහි සිදුවන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් පමණක් යැයි පවසන ඇමැතිවරයා එම නිවෙස හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිහරණය කළ සමයේ කොටස් එකතු කරමින් වෙනස්කම් සිදුකොට තිබූ බවත් පවසයි.

ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

dinamina

Last modified on Friday, 26 June 2015 09:03

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us