බැසිල් කොමිස් ගහපු ඩොලර් 1,50,000ක් පුෂ්පාගේ ගිණුමේ-නලීන් බණ්ඩාර

Published in පුවත්
Thursday, 25 June 2015 15:47

ඇමතිවරුන්ගේ නෝනලා පදනම් නිර්මාණය කරගෙන ඒ පදනම් හරහා මහත්වරුන්ගේ කොමිස් මුදල් ගිණුම්වලට බැර කරගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.පසුගිය රජයේ බොහෝ දේශපාලනඥයින් විවිධ ව්‍යාපාර හා ඉදිකිරීම් සඳහා තමා ලබාගත් කොමිස් මුදල් සෘජුවම ලබා නොගත් බවත්, ඒවා තම බිරිඳගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ පෞද්ගලික ගිණුමකමකට බැරකර ඇති බවත්, එසේත් නැතිනම් හිතෛෂිවන්තයින්ගේ නමින් අටවා ගත් ව්‍යාජ සංවිධාන හෝ පදනම් වෙත එම මුදල් බැරකර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

පසුගිය රජයේ දූෂණ හෙළිදරව් කිරීමේ 04 වන මාධ්‍ය හමුවට එක්වෙමින් අද (25) කොළඹදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවලින් කොටසක් සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් 'කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්' නම් වූ චීන සමාගම අ.ඩො 1,50 000 ක මුදලක් පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ නමින් පවත්වාගෙන යන පදනමක ගිණුමකට බැරකර තිබුණු බව මෙහිදී අනාවරණය කළේය.

පුණ්‍ය ආයතනයක් ලෙස මෙම පදනම 2010 නොවැම්බර් මස 24 දින පිහිටුවා ඇති බවත්, පදනම පිහිටුවා ගත් මෙම පිරිස් විසින්ම මෙම මුදල් පරිහරණය කරන බවට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තහවුරු කරගෙන ඇති බවත් කියා සිටියේය.

අදාළ කොන්ත්‍රාත්තුව චීන සමාගමට පැවරීම පිටුපස සිටින පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන බැසිල් රාජපක්ෂ මහතා අදාළ සමාගමෙන් ඔහුට ලැබුණු කොමිස් මුදල වන අ.ඩො 1,50 000 ක මුදල සෘජුවම ඔහු විසින් බාරනොගෙන බිරිඳගේ ගිණුමට බැරකරවාගෙන ඇති බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම මුදල් භාවිතා කොට ඇති බව පැවසුවේය.

එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවද මැතිවරණ සමයේ රු.ලක්ෂ 15ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබා දී ඇති අතරම මහත් ආන්දෝලනයකට තුඩුදුන් හෙල්පින් හම්බන්තොට සිද්ධියද මේ ආකාරයේම සිදුවීමක් බව වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතාට අපුල්ලන ලද මහත්තයෙක් අවස්ථා කිහිපයකදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එජාපයෙන් නාමයෝජනා ඉල්ලා සිටි බවත්, තවත් අයෙක් පසුගිය දින දෙකකදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා හමුවී නාමයෝජනා ඉල්ලා සිටීමට උත්සාහදැරූ බවත් නලින් බණ්ඩාර මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සැලුන් දොරක් වුවද, එජාපයේ එවැනි සැලුන් දොරක් නොමැති බවද දූෂිතයින්ට එජාපයෙන් නාමයෝජනා නොලැබෙන බව ඔහු අවධාරණය කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us