20 විසිවේ, පාර්ලිමේන්තුව විසුරුවා හරියි ?

Published in පුවත්
Tuesday, 16 June 2015 23:14

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි බලවත් බාධකයක්ව පැවැති 20 වන සංශෝධය නොසලකා හැර පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේදී විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි. 20 වන සංශෝධයය සම්මත කිරීම සඳහා ශ්‍රීලනීපයේ රාජපක්ෂවාදී කොටස් දිගින් දිගටම බාධා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරමින් තිබේ.

ලබන සැප්තැම්බර් මස පසුවන තෙක් රාජපක්ෂවාදීන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට උත්සහ ගන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රීලංකාවේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට නියමිතව ඇති නිසා ඒ දඩමීමා කරගෙන සිංහල ජාතිවාදය පතුරුවා රාජපක්ෂවාදින්ට යළි බලය අත්පත්කර ගැනීමේ ඉඩක් විවරව පැවැතීම හේතුවෙනි.

මේ කුමන්ත්‍රණකාරී පියවර නිසා කවර තත්වයක් යටතේ වුව ලබන සැප්තැම්බර් මාසයට පෙර නව පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත.

මේ සම්බන්ධයෙන් අද දින(16) අරලිය ගහ මන්දිරයේ මාධ්‍යවේදීන් සමඟ වූ සුහද හමුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදී සමඟ පැවැසූවේ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us