ජොන්ස්ටන් හෙට අත් අඩංගුවට !

Published in පුවත්
Monday, 04 May 2015 06:55

හිටපු වෙළෙඳ හා සමුපකාර ඇමැති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට හෙට (05 වැනිදා) පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. එම අවස්ථාවේදි ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව පැවැසේ.

පසුගියදා බැසිල් රාජපක්ෂ මහතාවද අත් අඩංගුවට ගැනුනේ මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසුවය. රිමාන්ඩ් භාරයේ පසුවන රාජපක්ෂ මහතා හෙට දින යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ඉකුත් කාලයේ ලංකා සතොසෙන් රුපියල් මිලියන පහක භාණ්‌ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අනුව ජොන්ස්‌ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවන බව පොලිසිය සඳහන් කරයි.


මීට පෙර අවස්‌ථාවක ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට වෙත කැඳවා වත්කම් පිළිබඳ ප්‍රකාශයක්‌ ලබා ගැනීමටද කටයුතු කෙරිණි.

මීළඟ මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතාට අගමැති අපේක්‌ෂකයා ලෙස ශ්‍රී ලනිපයෙන් තරග කිරීමට ඉඩ දිය යුතු බවට බලකරමින් මෙම 08 වැනිදා (සිකුරාදා) කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත දේශපාලන රැස්‌වීම කඩාකප්පල් කිරීම මෙහි යටි අරමුණ බව මහින්ද හිතවාදි ප පිල ප්‍රචාරය කරමින් සිටියද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම කටයුතු වලින් ඉවත්ව සිටින්නෙකි. ඔහුට එරෙහිව ඇති බරපතල චෝදනා නිසා ජනාධිපතිවරයාට හිතවත්ව සිටිමින් අත් අඩංගුවට පත් නොවීසිටීම සඳහා ඔහු පසුගිය සති කිහිපයේදී දැඩි උත්සහයක් ගනිමින් සිටියේය.

 

Last modified on Monday, 04 May 2015 07:00

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us