රාජපක්ෂලා යනකොට තවත් කෝටි 7511 ක් පාඩු කරලා Featured

Published in පුවත්
Monday, 04 May 2015 07:21

රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමණාකරනයේ දුර්වලතාවය මත ගිය වසරේ (2014) ඇස්‌තමේන්තගත අයවැය හිඟය රු.කෝටි 7511.8 කින් ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව ගිය වසර (2014) සඳහා අයවැයෙන් අනුමත ඇස්‌තමේන්තුව වූයේ රු. කෝටි 51612.6 ක සමස්‌ත අයවැය හිඟයකි. එහෙත් එම ඉලක්‌කය බිඳ වැටී ගිය වසර අගදී සමස්‌ත අයවැය හිඟය රු.කෝටි 59124.4 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 5.2 ක්‌ දක්‌වා සමස්‌ත අයවැය හිඟය අඩුකර ගැනීමට ඉලක්‌කකළත් එය සියයට 6 දක්‌වා ඉහළ ගියේය.පසුගියදා නිකුත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවේ (2014) මේ බව සඳහන් වේ.

අයවැය හිඟය ඉහළ යෑමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ රාජ්‍ය බදු ආදායම් අඩුවීම ලෙස හුවා දැක්වීමට රාජපක්ෂ හිත්වාදීන් කටයුතු කරමින් සිටියද  සත්‍ය හේතුව රාජ්‍ය වියදම් පක්ෂය ඉහළ යාම කළමණාකරණය කරගැනීමට එම පාලනය විසින් අසමත් වීමය. නාස්තිකාර  අනවශ්‍ය වියදම් මෙන්ම  දුෂණ වංචා ‍රැසක් පසුගිය වසර තුලදී සිදුවිය.

එමෙන්ම  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ ඔක්තෝබර් 24 වැනිදා ගෙනා 2015 අයවැයට පසුව සංශෝධනයක් කළ අතර එමඟින් අයවැය ලේඛනයේ සඳහන් අයවැය හිඟයට වඩා රුපියල් කෝටි තිස්පන් දහස් හයසියයකින් අයවැය හිඟය ඉහළ ගියේය. නව රජයේ අතුරු අයවැයක් ගෙන එමින්  රුපියල් බිලියන 591  වූ රාජපක්ෂගේ අයවැය හිඟය රු. බිලියන 499 ක්‌ ලෙස අඩු කිරීමට ඇස්‌තමේන්තු කර තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 4.4 කි.

Last modified on Monday, 04 May 2015 07:23

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us