මහබැංකු අධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Wednesday, 11 March 2015 10:54

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ‍එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර,ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත.

පසුගිය පෙබරවාරි මස 25 වන දින බැඳුම්කර නිකුත් කිරීමට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව විසින් පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධියට පත්කර තිබුණු අතර මෙම නිකුතුවෙන් මිලියන 5000 ක්ම ලබාගනු ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන්ට අයත් පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනය මගින්වීම මෙම චෝදනාව එල්ලවීමට හේතුවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවකදී සිදුවීයයි කියනු ලබන අක්‍රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකළ බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද කමිටුවක් පත් කර තිබේ.

සබැදි පුවත්
මහ බැංකුවේ රහස් අධිපතිගේ බෑණා අතට ගිය හැටි හොයන්න ජනපතිගෙන් කමි‍ටුවක්

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us