මහ බැංකුවේ රහස් අධිපතිගේ බෑණා අතට ගිය හැටි හොයන්න ජනපතිගෙන් කමි‍ටුවක්

Published in පුවත්
Tuesday, 10 March 2015 12:14

භාණ්ඩාගාර බැඳූම්කර නිකුතුවක් වංචාකාරී ලෙස මිලදි ගැනීම සම්බන්ධයෙන් වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට සූදානම් වේ.

භාණ්ඩාගාර බැඳූම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තූමේන්තූව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකූත් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳූම්කර නිකූත් කිරීමේ අරමූණ වන්නේ රාජ්‍ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිමයි.

ඒ අනුව මධ්‍යම හා දීර්ඝ කාලීන ණය ලබා ගැනීමේ මෙවළමක් ලෙස රජය භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කරනු ලබයි.

බැදුම්කර නිකුත් කරනු ලබන්නේ කල් පිරුණු පසු පොළිය සමග බැඳුම්කර වටිනාකම ආපසු ගෙවීමේ පදනම මත ය. මාස 3 සිට විවිධ කාල සීමාවන් සඳහා කල්පිරෙන අයුරින් බැදුම්කර නිකුත් කිරීම සිදු වේ.

රුපියල් බිලියනයක මුදලක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා බලයලත් ප්‍රාථමික නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

පසුගිය පෙබරවාරි 25 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය අනුව 27 වැනි දින පවත්වන භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියෙන් රුපියල් මිලියන දහසක (බිලියනයක) මුදලක් ණයට ගැනීමට සඳහා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කරන බව බලයලත් ප්‍රාථමික නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

අවුරුදු 30 බැඳුම්කර සඳහා අනුපාතය 9.5% වන බවට මහ බැංකුව කලින් අනාවැකි පලකර තිබුණි.

එහෙත් අදාල වෙන්දේසියේදී ප්‍රධාන ලංසු තබන්නා වූ මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝසියස්ගේ (ප්‍රාථමික තැරැව්කාර සමාගමක් වන) පර්පැචුවල් ට්‍රෙසරීස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම 12.5% කට ලංසු තැබීය. ඊට හේතුව මහ බැංකුව මෙම පොලී අනුපාතය 12.5% දක්වා ඉහල දමන බවට නියත වශයෙන්ම කල්තියා දැනගත් තොරතුරු මත බවට බරපතල සැකයක් මතුව තිබේ.

මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබිණි.

මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට මූල්‍ය වෙළඳපොළ නියෝජිතයන්ගෙන් චෝදනාවක් මේ වනවිට එල්ලවී තිබේ.

පෙබරවාරි 27 වැනි දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර වෙන්දේසිය පිළිබඳ නිවේදනයේ උපරිම පොලිය ලෙස 12.5% ක සඳහන් කර තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතිකය 11.73%ක් වූ බව සඳහන් වේ.

ඒ අනුව මෙහිදී මහ බැංකුව නිකුත් කළ නිල තොරතුරු මත ලංසු තැබූ බැංකු සහ අනෙකුත් මූල්‍යමය ආයතන මහේන්ද්‍රන්ගේ බෑණාගේ ව්‍යාපාරයේ ලංසු ඉදිරියේ පරාජයට පත්විය.

මෙමඟින් මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝසියස් මුදල් ආයෝජනය කර විශාල ලාභයකට හිමිකම් කීය.

එමෙන්ම පෙර සඳහන් කළ පරිදි පෙබරවාරි 27 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් මිලියන 10,058ක ණය මුදලක් රජයට ලබා ගැනීම සම්බන්ධයෙන් මතු වන මූලික ගැටලුව ඉතිහාසයේ කිසිම අවස්ථාවක මූලික අපේක්ෂිත ණය ප්‍රමාණය මෙන් දස ගුණයක ණය එක් වරම මෙසේ ලබාගෙන නොතිබීමය.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වාගෙන එක් දිනකින් මෙරට පුරවැසිභාවය ලබා දී මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේය. රනිල් වික්‍රමසිංහ මහතා 2002/2004 කාලයේ අගමැති වශයෙන් සිටියදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI)සභපති වශයෙන් පත් කර සිටී අතර එහිදී ගැටලු රැසක් මතු වී තිබිණ.

එමෙන්ම අර්ජුන් ඇලෝසියස් යනු පසුගිය රාජපක්ෂ රෙජීමය සමග කුප්‍රකට EPF ජවාරම් සිදුකරමින් බිලියන 2 කට අධික මුදලක් නැති භංගස්ථාන කළ බවටද චෝදනා එල්ල වූවෙකි. අද වන තුරු මේ ගණුදෙනු සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ වර්තමාන රජය සිදුකර නොමැති අතර එවැනි විමර්ශනයක් නව රජය යටතේද කිසි දිනෙක සිදු වේයැයි සිතීම සැක සහිතය.

මූල්‍ය විශ්ලේෂකයන් බලකර සිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයෙන් තාවකාලිකව ඉවත් වී අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දිය යුතු බවය.

bonds

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us