ගුණරත්නම් අදත් කට්ටි පනියි

Published in පුවත්
Tuesday, 27 January 2015 20:40

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නොයෙල් මුදලිගේ හෙවත් කුමාර ගුණරත්නම් මහතාගෙන් ප්‍රශ්න කිරීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු කැඳවීමට පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පැවසුවේ පෙරේදා (26දා) දිනයේ ප්‍රශ්න කිරීමක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කුමාර් ගුණරත්නම් මහතාට දැනුම් දුන් බවය. නමුත් අද (27දා) දිනයේද ඔහු ප්‍රශ්න කිරීම් සඳහා සහභාගී නොවූ බව හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ සමයේදී විදේශයක සිට පැමිණි කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය හමු පැවැත්වීම පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, ‘යහපාලනය‘යයි කීවද මෙම රජයද නීතිය හා බොරු චෝදනා ඉදිරිපත් කොට පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගනිමින් සිටින බවය.

නව රජය වුවද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනතුරු බලා නොසිට එය දිනා ගැනීම සඳහා ජනතාව පෙරට පැමිණිය යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඊයේ දිනයේ තම පක්ෂයේ දේශපාලන කමිටු සාමාජික කුමාර් ගුණරත්නම්ට එරෙහිව පැමිණිල්ලක් ඇති බව පවසමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් පැමිණ වහාම ඔහුගෙන් කටඋත්තරයක් ලබාගත යුතුව ඇති බව දැන්වූ බව පුබුදු ජයගොඩ අද දෙරණට කියා සිටියේය.

මෙරටට පැමිණ කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බව දන්වා ඇති බවත්, නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව එකී කටඋත්තරය ලබාදීමට කුමාර් ගුණරත්නම් තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේ වුවද ඉකුත් පාලන සමයේ කුමාර්ට රටින් පිටමංවීමට සිදුවූයේ දේශපාලන කටයුතු කිරීම හේතුවෙන් ජීවිතයට තර්ජන එල්ලවීම නිසා බවත්, යළි වතාවත් නව පාලකයින්ද මෙසේ සැරසෙන්නේ ඔහුගේ දේශපාලන අයිතිවාසිකම් අහිමිකරමින් ඔහු රටින් පළවාහැරීමට බවත් හෙතෙම අවධාරණය කළේය.

එහිදී විවිධ නීති රීති හා අණ පනත් පිළිබඳ ඔවුන් විසින් කරුණු දක්වනු ඇති නමුත් ඉකුත් රෙජිමයේ පාලන සමයේදීද විකල්ප මතධාරීන්, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කරනු ලැබුවේද මේ ආකාරයෙන්ම අභූත චෝදනා එල්ල කරමින් විවිධ නීති රීති ඉදිරිපත් කරමින් බව අමතක නොකළ යුතු බවද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

කෙසේ නමුත් මෙලෙස චෝදනා එල්ලවී තිබියදීත් ගුණරත්නම් පසුගිය ජනාධිපතිවරන සමයේදී කිසිදු බාධාවකින්  තොරව මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල යෙදුනේය.

 

Last modified on Tuesday, 27 January 2015 20:43

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us