අපි ඉන්නේ දින 100ට විතරයි, 13 ට අපි නෑ - හෙළ උරුමය

Published in පුවත්
Monday, 26 January 2015 08:02

පළාත් සභා සඳහා වන ඉඩම්, පොලිස් ඇතුළු තවත් බලතල ක්‍රියාත්ම සක්‍රීය කරමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ අතර මෙතෙක්‌ එකඟතාවක්‌ ඇති කරගෙන නැති බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සියලු පක්‍ෂවල එකඟතාවක්‌ ඇති බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ජාතික හෙළ උරුමය එකඟ වන්නේ දින සියයට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම පමණක්‌ බව ජාතික හෙළ උරුමය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව පවසයි.

ජනපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිසිවක්‌ සඳහන්ව නැති බවත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිසිම සාකච්ඡාවක්‌ නොපැවැත්වී ඇතැයි නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

කෙසේ නමුත් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා හෙළ උරුමය හා දෙමළ ජාතික සන්ධානය අතරවූ සාකච්ඡාවකදී මැතිවරණ වයාපාරය තුලදී 13 වන සංශෝධනය ගැන කතා නොකිරීමට දෙපාර්ශ්වය එකඟවී තිබිණි.

Last modified on Monday, 26 January 2015 08:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us