යුධඅපරාධ ගැන කතා කරන්න, ජයන්ත මානව හිමිකම් කොමසාරිස් හමුවීමට යයි

Published in පුවත්
Monday, 26 January 2015 08:20

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් සෙයිද් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා  අද (26දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමෙන් සිදුකෙරෙන යුද අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මේ සංචාරයේ අරමුණ වී තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජගත් මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරයෙන් පසුව සිදුවූ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී ජයන්ත ගැන ධනපාල මහතා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට කරුණු දැක්වීමට නියමිත අතර යුද අපරාධ සිදුවී ඇත්නම් පිළීබඳව ශ්‍රී ලංකාවේ නව රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවද විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් සෙයිද් අල් හුසේන් ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවට ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙන අතර එමඟින් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන බවද වාර්තා වෙයි.

පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙරට මානව හිමිකම් තත්ත්වය සහ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී කරුණු ඉදිරිපත් කරනු ඇති අතර උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ඇගයීම් කාලසීමාව තුළ සිදුවීම් පිළිබඳවද එමඟින් විශේෂ අවධානයක් යොමුකර තිබේ.


dinamina

Last modified on Monday, 26 January 2015 08:27

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us