ජාතික බුද්ධි අංශයේ ඇබෑර්තුවක්. හෙන්දාවිතාරණ ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Saturday, 24 January 2015 15:20

ජාතික බුද්ධි කාර්යාංශය (NIB)ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.ඒ අනුව මේ දක්වා ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට කිසිවකුත් පත් කර නැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පසුදින මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ,

මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුරට කැඳවා සේවය ලබා ගැනීමට ඉකුත් රජය කටයුතු කර තිබිණි.

ඒ අනුව හමුදා මානුෂීය මෙහෙයුම සමයේ පටන් මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඒ අතර ඔහුගේ සේවය වරින් වර දීර්ඝ කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මරණයෙන් අනතුරුව එම සංවිධානයේ නායකත්වයට පත් කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී. විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන මෙරටට කැන්දාගෙන ඒමේ මෙහෙයුමට හෙන්දාවිතාරණ මහතා සෘජු ලෙස දායක වී තිබේ. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ සුවිශේෂී දේශපාලන මෙහෙයුම් සඳහාද ඔහු මැදිහත් වූ බවට චෝදනා එල්ලවූ අතර අලුත්ගම ,දර්ගා නගරයේ මුස්ලිම් වරුන්ට පහර දීම සම්බන්ධයෙන් කළ මෙහෙයුමටද ඔහු සම්බන්ධ බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us