ප්‍රගීත්ව දැන් හොයාගෙනද? (video)

Published in පුවත්
Saturday, 24 January 2015 16:12

අපේ පෙර‍ටුගාමී මාධ්‍ය සගයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට වසර 5 කි. මේ වසර 5 තුල ඔහුව සොයා ගැනුම වෙනුවෙන් වෙහෙසවූවෝ අපමණය.

ඒ වෙනුවෙන් පෙනී සිටි අය ඒ වෙනුවෙන් කතා කළ අය බොහෝ විය.කොහේ හෝ ප්‍රගීත් සොයාගැනුම වෙනුවෙන් කුමක් හෝ ක්‍රියාකාරකමක් වූයේද ඒවාට පැමිණ කැමරාවට ඔළුව දමා රාජපක්ෂ පාලනයේ පට්ටපතුරු ගැසූ දේශපාලකයෝද බොහෝ විය.

ඊයේ (23)ද ප්‍රගීත් වෙනුවෙන් කො‍ටුව දුම්රියපොළ ඉදිරිපිට විශේෂ ක්‍රියාකාරකමක් සන්ධ්‍ය අක්කා සහ ප්‍රගීත්ගේ මිතුරන් කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලැබීය.එහෙත් වෙනදා මෙවැනි තැන්වල දකින්නට ලැබුණු ජනතා වීරයන් දකින්නට සිටියේ නැත. ඒ ඔවුන්ට ප්‍රගීත් හමුවී ඇති නිසාදැයි අපි නොදනිමු.

යහපාලනය පෙරදැරිකරගත් අලුත් ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තුවූ යුක්තිය සාධාරණය ඉ‍ටු වීම තවමත් ප්‍රමාදය. ඒ කියනු ලබන්නේ තවත් ප්‍රගීත්ලා ‍රැසක් ඉදිරියේදී ඔවුන්ට හමුවනු ඇති බවය.

ඒ යුක්තිය සාධාරණය පතන වුන්ට මඟ පෙන්වනු ඇත්තේ .සන්ධ්‍යා අක්කාගේ ධෛර්යය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us