භූමිතෙල් බෙදාහැරීම සීමා කෙරේ !

Published in පුවත්
Tuesday, 08 July 2014 09:41

භූමිතෙල් බෙදාහැරීම සීමා කරන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදුම්කරුවන්ට දැනුම්දී ඇත. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටියේ මේ නිසා භූමිතෙල් භාවිතයට ගන්නා අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරියේදී ගැටලූ මතුවිය හැකි බවයි.

දැනට භූමිතෙල් ලීටරයක් රුපියල් එකසිය හයකට අලෙවි කෙරෙන අතර එමගින් රුපියල් විස්සක අලාභයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට හේතු දැනගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වුණේ ඔවුන් විශේෂ සාකච්ඡාවකට එක්ව සිටීම හේතුවෙනි.

මේ අතර කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ, පසුගියදා කොළඹ වරායේ සිට බොර තෙල් රැගෙන යන නළයක සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට පිරිපහදු කළ ඉන්ධන රැගෙන යන නළයක පිපිරීම් දෙකක් සිදුව ඇති බවත්, මේ නිසා දැවි තෙල් හිඟයක් මතුව ඇති බවත් ය.

Last modified on Tuesday, 08 July 2014 09:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us