ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට

Published in පුවත්
Tuesday, 08 July 2014 09:00

හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවකට අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’පුවත්පත වාර්තා කරයි.

මෙම රටවල් 20 අතර ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 09 වැනි ස්ථානය වන අතර ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සෝමාලියාව, පාකිස්තානය, පලස්තීනය, එරිත‍්‍රියාව, නේපාලය, සුඩානය, ලෙබනනය, කොසෝවෝ, සිරියාව, දකුණු සුඩානය, ලිබියාව, කොංගෝව, ඉරානය, ජිබුටි, ඇන්ගෝලාව සහ උතුරු කොරියාව එම ලැයිස්තුවේ සෙසු රටවල් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රවින දේශපාලන විචාරකයෙකු සහ හිටපු රාජතාන්ත‍්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසුයේ, වීසා බලපත‍්‍ර නොමැතිව පැමිණිය හැකි රටවල් අතර නරකම රටවල් 20 තුළට ශ‍්‍රී ලංකාවේ නම ඇතුලත් කිරීමට විදෙස් මාධ්‍ය ගනු ලැබු උත්සහයන් කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එවැනි සාවද්‍ය වර්ගීකරණයක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට බටහිර මාධ්‍ය කටයුතු කරනු ලැබුවේ මෙරට තුලම ඇතිවු තත්ත්වයන් දඩමීමා කර ගෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us