යුරෝපයට යන ගුවන්යානා වල ගමනාන්තය වෙනස් කරයි

Published in පුවත්
Monday, 22 April 2024 07:12

යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බව සඳහන් වේ.

එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇත.

මේ අතර ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බව, ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වාසිටී.

කාල වේලාවන් වෙනස් කිරීමෙන් අපහසුතාවන්ට පත්වන මගීන්ට විකල්ප ගුවන් යානා සහ නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් බළධාරීන් සඳහන් කළේ ය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us