ආරියරත්න මැතිතුමන්ගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණක්

Published in පුවත්
Wednesday, 17 April 2024 17:28

ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමන්ගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පෙරදිග සාර දර්ශනයන් පදනම් කරගනිමින් මානව වර්ගවයාගේ සුබ සෙත අරමුණු කරගත් සමස්ත ලෝකයෙහිම ගෞරවයට පාත්‍ර වූ සමාජ ව්‍යාපාරයකට නායකත්වය දුන් ශ්‍රී ලාංකික සුජාත පුත්‍රයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමාගේ අභාවය අප තුළ මහත් සංවේගයක් ඇති කරවූ බවයි.
මහත්මා ගාන්ධිතුමන්ගේ අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ආ විනෝබා බාවේ තුමන්ගේ පරහිතකාමි දැක්මෙන් උත්තේජනය ලද ශ්‍රී ලාංකේය තරුණයකු තුළ හටගත් අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් ලෙස සර්වෝදය ව්‍යාපාරය බිහි විය. මානව ගරුත්වය හා සාර සමාජයක් සඳහා වන නිවහල් දැක්මකින් පොහොසත් සර්වෝදය ව්‍යාපාරයේ දර්ශනය රටට හඳුන්වා දෙමින් හා ඒ් අනුව තම ජීවිත කාලය පුරාම කටයුතු කරමින් ආරියරත්න මැතිතුමා ශ්‍රී ලංකා සමාජයට සිදු කර ඇති සේවය අනගිභවනීය වන්නේය. එමෙන්ම එතුමන්ගේ දර්ශනය අනාගත යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අභිප්‍රායකින් යුතුව කටයුතු කරන ලාංකේය සුධීමතුන්ට බොහෝ මඟ ලකුණු දක්වනු ඇතැයි අපගේ බලවත් විශ්වාසයයි.
ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමාගේ අභාවය හේතුවෙන් බලවත් සංවේගයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජන සමුහය සමඟ එක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එතුමන්ගේ ආදරණීය භාර්යාව වන නීතා ආරියරත්න මැතිණියට ද විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න, චාරිකා, ජීවන්, සදීවා, දියත්, නිම්නා යන දූ දරුවන් ඇතුළු පවුලේ සැම වෙත ද අපගේ බලවත් ශෝකය පළ කරන අතර එතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us