සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි (1986) පූර්විකාව -රවීන්ද්‍ර කාරියවසම් Featured

Monday, 05 April 2021 08:57

සංවර්ධනය හා පාරිසරික ආරක්‍ෂාව අතර හැම විටම ඇත්තේ ආතතියකි. එම නිසාම මිනිසුන් සංවර්ධනය ඉල්ලා සිටිති. සංවර්ධනය කරගන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති.

මෙම මාර්ග දෙකටම මැදිව කළ හැකි සංවර්ධන ක්‍රියාවලියක් ඇත්ද එසේ නැත්නමි සංවර්ධනය නොකර පරිසරය සුරැකීම සිදුකිරීමට ජනතාව කැමතිද? මෙම ගැටලු අතර දෝලනය වෙමින් අද දවස වන විට ජනතාව හා සංවර්ධනය අතර අනවරත අරගලයක් ආරම්භ වී ඇත.

එහෙත් සංවර්ධනය හා සංරක්ෂණය දෙකම දූරදර්ශි බවක් මිනිසුන්ට ඇතිවිය යුතුය. ඒවා නිකමිම ඇතිවන්නේ නැත. අත්දැකීම් , සිත්දැකීම්, නෙත්දැකීම් සහ පොත පතේ නොමැති දේවල් වලින් එහාට සිතන අවබොධයක්ද අවශ්‍ය වෙති.

1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.

1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහිකරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යම් යම් ආකාරයන්ගෙන් හඳුනාගත හැකිය.

සංවර්ධනය සොබාදහම සුරක්ෂිත දෙකක් නොව එකම කාසියේ පැති දෙකකි. එම නිසා මානවයාගේ සමස්ථ සතුට , සුබසිද්ධිය සොබාදහමේ සුරක්ෂිතතාවය ඉහළ නැංවීමේ එහි අඩංගු ගුණයක් ලෙස පුරාණ මිනිසුන්ගේ මෙන්ම තිරසාර සංවර්ධනය ලෙස වර්ථමානයේ හඳුන්වා දී ඇති සංවර්ධන මාදිලියේද ප්‍රමුඛ අදහස විය.

මානවයාගේ සමස්ත සතුට හා සුබසිද්ධිය වැඩි දියුණුකිරීම පිළිබඳ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලෝකයේ සෑම පෙදෙසකම කලින් කලට කුඩා වූත් විශාල වූත් විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් දියත්කිරීම වැදගත් මෙන්ම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් මෙහිදි අපගේ මෙන්ම සත්ව හා ශාක ප්‍රජාවගේ මුලික පදනම වන සොබාදහම විනාශකරමින් එය සිදුකළහොත් ඉහත සංවර්ධනයෙන් බලාපොරොත්තු වූ මානව සතුට හා සොභාග්‍ය පවත්වා ගන යා නොහැකි බව අපට උදාහරණ ඇතිව කොරෝනා වැනි ව්‍යවසනයන් පවා පෙන්වා දී ඇත.

සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවාද නීතියේ මූලධර්මයක් ලෙස පිළිගන ඇති අතර ඒ එය යහපත් සෞඛ්‍යයකට ඇති අයිතිය හා ජීවිතයට ඇති අයිතිය වැනි බොහෝ මානව අයිතිවාසිකම්වලට අන්නෝන්‍ය සම්බන්ධයක් දක්වති. පරිසරය නැසෙන විට මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේ ජීවත්වීමෙි අයිතිය අභියෝගයට ලක්වෙයි. එම නිසා නුතන සංවර්ධනය හා මානව අයිතිවාසිකම් යන දෙකම එකවර මිනිසුන්ට ඉල්ලා සිටිය නොහැකිය. ඒ දෙකම එකවිට දෙකම අවශ්‍යනම් මිනිසුන් තමන්ගේ අවශ්‍යතා සීමා කරගැනීමට කැමැත්තක් දැක්විය යුතු අතර මිනිසාට අත්‍යඅවශයම දේ පමණක් සංවර්ධනයෙන් බලාපොරොත්තු විය යුතුය.

සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි (1986) පූර්විකාව ප්‍රකාශකරන්නේ සංවර්ධනය යනු ඒ සඳහා ඔවුන්ගේ ක්‍රියාශීලි, නිදහස් හා අර්ථාන්විත සහභාගිත්වය පදනම් කරගනිමින් සමස්ත ප්‍රජාවගේත් සියළුම පුද්ගලයන්ගේත් සොබාදහමේ යහපැවැත්ම වැඩි කිරීමත්, සංවර්ධනයේ ප්‍රතිලාභයන් සාධාරණ ලෙස බෙදා හැරීමත් අරමුණු කරගත් පුළුල් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ක්‍රියාත්වයක් බවයි.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමෙහි පළමු සභාපතිවරිය (1946 සිට 1951 දක්වා) ලෙසත් කටයුතු කළ රූස්වෙල්ට් මහත්මිය (Mrs. Eleanor Roosvelt) 1947 දී මෙසේ ප්‍රකාශ කර සිටියාය. අප මතක තබා ගතයුතු කරුණක් වන්නේ අප ලෝකය සඳහා වූ අයිතිවාසිකම් ප්‍රකාශනයක් සකසමින් සිටින බවත්, ඉතාමත්ම වැදගත් අයිතිවාසිකම් අතුරින් එකක් වන්නේ සංවර්ධනය වීම සඳහා අවස්ථාව සැලසීම බවත්ය. මෙම ප්‍රකාශය සිදුකළේ විශ්ව මානව හිමිකමි ලියවිල්ල නිර්මාණ කරන කාලයේය.

එහෙයින් සියළුම ජනතාවට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදුනොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රාජ්‍යන් මෙන්ම ජන සමාජයද වගබලා ගතයුතුය. තිරසාර සංවර්ධනය යන්නෙහි මුලික අරමුණ හා අන්තර්ගතය මෙය වේ.

අප රටවලට අද වන විට පැමිණ තිබෙන්නේ තිරසාර සංවර්ධනයට මුවාවු ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකි. ආර්ථික සංවර්ධනය පිළිබද අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයෙකු වන ජොන් යිටිස් පවසා තිබෙන ආකාරයට සොබාවික පරිසරය යනු මෙතෙක් කපා ඉවත් නොකළ ශාක හා කඩා ඉවත් නොකළ පාංශු කොටස් යනුවෙන් හඳුන්වා ඇත. ආර්ථික සංවර්ධනයේදි පරිසරය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍ය ලෙසයි.

එහෙයින් තිරසාර සංවර්ධනයේදී සෙබාදහම ආරක්ෂාකර ගතයුතු බව මූලික අදහස වන අතර ආර්ථික සංවර්ධනයේදි සොබාවික සම්පත් ඒ සදහා භාවිතා කළ යුතු බව ප්‍රායෝගිකව දැකගත හැකිය. ඒ අනුව අප රට තුල සිදුවන්නේ තිරසාර සංවර්ධනයක් නොවේ. ආර්ථික සංවර්ධන ක්‍රීයාවලියකි. එම ආර්ථික සංවර්ධන ක්‍රිීයාවලියේ අනිවාර්ය සාධකය පරිසර විනාශයයි.

අප එයට අකමැතිනම් කළ යුත්තේ කුමක්ද? ඒ සංවර්ධන මාදිලිය මාරු කිරීමට උත්සහ ගැනීමය. නමුත් ඒ සදහා අපගේ ආර්ථිකය, සොබාදහම මත පදනමි වූ ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මිනිසාගේ අසිමිත අශාවන් වෙනුවෙන් සොබදහම නැසීම හෝ පුද්ගල සහ කණ්ඩායමක ආර්ථික අවශ්‍යතාවය වෙනුවෙන් සොබාදහම නැසීමද නවතාලිය යුතුය.

-රවීන්ද්‍ර කාරියවසම්

පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්තානය වෙනුවෙන්.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us