2004 හා 2010 වසරවල ලයනල් වෙන්ඩ්ට් දෘශ්‍ය කලාගාරයේ පැවැති කලා ප්‍රදර්ශනවල ප්‍රදර්ශිත සිතුවම් දෙකකි මෙහි දැක්වෙනුයේ. චිත්‍ර ශිල්පිනී චමරි තපස්වරගේ තරුණියයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටිය ඔක්තෝම්බර් 22 වෙනිදා සවස 4.00ට ප්‍රදර්ශනය කරනු ලබයි.

ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ දිනවල එක් එක් ආකාරයේ සාකච්ඡා මතුවෙමින් ඇති අතර දේශපාලන පක්ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයින් විශේෂ වශයෙන් මේ ප‍්‍රශ්නය දෙසට ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ තිබියදීත් පසුගියදා තිරගත වුණු ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය පිළිබඳ සිදුකළ සාකච්ඡාවේ ඇති දරිද්‍රතාවය පිළිබඳ අපි නැවතත් සිතිය යුතුය.

නවකතා කලාව හා සාහිත්‍යය පිළිබඳ වැටහීමකින් තොර ව ලියන ලද අපභ්‍රංස නවකතාවක් කියවන්නට ලැබිණි. පොතේ නම ‘මේ කතාව’ ය. කතුවරිය සුරේඛා සමරසේන ය. විරෝධාකල්ප දක්වන කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය. ස්ත්‍රීවාදී ලියැවිල්ලක් ලෙස ද පෙන්වා දිය හැකි ය. කුමක් වුව මේ පොත්කෑල්ල ලියැවී ඇත්තේ ප්‍රබන්ධ කථා පිළිබඳ තඹ දොයිතුවක අවබෝධයකින් තොරව ය.

‘සාහිත මධු සාදය –Season II (1 පියවර)’ යටතේ සමන් වික‍්‍රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ නම් වූ ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය සංවාදයට ළක් කිරීම 2015 සැප්තැම්බර් 26 දින සවස 4 සිට BMICH හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේදී (වායුසමනය කළ පොත් එළි දක්වන ස්ථානය) පැවැත්වේ.

ලේඛිකාවක මාධ්‍යවේදිනියක සහ වාර්ථා වැඩසටහන් ටෙලිනාට්‍ය අධක්‍ෂවරියක වන මනෝහාරී හේවාවසම් ගේ දෙවන නවකථාව පෙම්බරා එලැඹෙන සැප්තැම්බර් මස 03 දින කොළඹ 07 පුස්තකාලසේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සවස 3.00ට ජනගත කරණු ලැබේ.
 
මනෝහාරී විසින් 2003දී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කථාව ඇසුරින් මාලිනී අභිණය පෙළහර නම් කෘතිය සහ ඇහැළමලී නවකථාව 2011දී රචනාකරන ලදී. 

රංජිත් කුමාර සමරකෝන් විසින් ලියන ලද හුස්ම ගන්න අකුරු කෘතිය අගෝස්තු මස 31 පස්වරු 3.30ට කොළඹ මහජන පුස්තකාලයේදී එළි දැක්වේ.

නිරාෂ ගුණසේකරගේ නවතම කාව්‍ය සංග්‍රහය වන 'සුදු කතක් හා මධුවිතක්' පිළිබද සංවාදශීලී කතාබහක් අගෝසුතු 28 වනදා සවස 3.30 ට ජාතික පුස්කතාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.
ඒ පිළිබද දේශන පවත්වනු ලබන්නේ දීප්ති කුමාර ගුණරත්න සහ හෂිත අබේවර්ධන විසින්ය.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us