ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ’’ නව වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මරණය නොමිලේ!(photos)

Published in කලා
Tuesday, 14 July 2015 09:50

අද රටේ බහුතරයක් පිරිස අතරමංවෙලා - සුසන්ග කහඳවල ආරච්චි

සුසන්ග කහඳවලආරච්චි ගේ පළමු වේදිකා පිවිසුම ලියනගේ අමරකීර්ති ගේ ‘භෂ්මාන්තරගත’ වේදිකා නාට්‍යයෙනි. ඒ, 1991 වසරේ දී ය.
අනතුරුව ඔහු සිය රංගන දායකත්වය සපයන්නේ ප්‍රසන්නජිත් අබේසූරියගේ ‘දොර්දණ්ඩා’ නාට්‍යට ය. දොර්දන්ඩා නාට්‍ය ඔහුට විශාල ප්‍රතිචාරයක් ලබා දුන් නිර්මාණයකි. අනතුරුව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම සමග වැඩ කරන සුසන්ග ඊළඟට සෝමලතා සුබසිංහ ගේ නාට්‍ය කණ්ඩායම සමග කටයුතු අරඹයි. පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක (ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ රංගනය සහ වේදිකා පරිපාලක), සුනිල් චන්ද්‍රසිරි, තුසිත ජයවර්ධන යනාදින් යටතේ ද ඔහු සිය හැකියාවන් මැනවින් ප්‍රකට කළ. තිස්ස අබේසේකර ගේ ‘සසරමංකඩ’ ටෙලි නාට්‍යට දායකවීම ඔහු අදටත් සලකන්නේ තමන් ගේ ජීවිත කාලයේ ලද ඉමහත් භාග්‍යයක් ලෙසිනි. අනතුරුව ප්‍රසන්න ඉත්තෑපාන තමන් ගේ ටෙලිනාට්‍ය ගණනාවක සහය අධ්‍යක්ෂක වරයා වශයෙන් සුසන්ග සහභාගි කර ගන්නේ ඔහුගේ දක්ෂතාවන් අගය කරමිනි. සුනිල් චන්ද්‍රසිරි ගේ සැම වේදිකා නිර්මාණයකට ම දායක වුණ සුසන්ග (රංගනය සහ වේදිකා පරිපාලනයෙන්) මේ මොහොත වන විට තමන්ගෙ කුළුඳුල් වේදිකා නිර්මාණය කරළියට ගේන්න සූදානම් වෙමින් සිටිනවා. මතු දැක්වෙන්නේ අදාළ කාරණය පිළිබඳව ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.

නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය ‘රතු සපත්තු’ ජූලි මස 28 වන අඟහරුවාදා සවස 6.30ට රාජගිරියේ ත‍්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරේ.

1950 දශකයේ මැද භාගය වන විට ද මෙරට බොහෝ නිවෙස්වල ගුවන්විදුලි යන්ත්‍ර නොතිබුණි. එහෙත් බහුතරයක් නිවෙස්වල ‘‘රෙඩිෆියුෂන්’’ නමැති උපකරණය සවිකොට තිබුණි. එම යන්ත්‍රය හරහා ගීත, ප්‍රවෘත්ති සහ වෙනත් දෑ අසා ගැනීමට හැකියාව තිබුණ ද එය ගුවන්විදුලි යන්ත්‍රය තරමට ම පැහැදිලි නොවී ය.

ගංසූරිය මල් නමින් ළමා ගී සීඞී තැටියක් එලිදැක්වීම කටයුතු යොදා තිබේ. ගිරිඋල්ල නගර ශාලාවේදී ජූලි 03 වෙනිදා සවස 7 ට මෙම සීඞී තැටිය දොරට වැඞීම පිලිබද සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

'අලුත් පරපුර' විසින් ජුලි මස 02 වන දින පස්වරු 3.30 ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී 'ජනවාරි විප්ලවය සුරකිමු' යන නමින් ජනතා සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවිශ්ටය
සිනමාව යනු මායාවකි. එය මායාවක් බව වැටහෙන්නේ යම් සිනමා නිර්මාණයක් නරඹා සිනමාශාලාවෙන් පිටතට පැමිණි විට දී ය. එහෙත් එසේ එළියට පැමිණිය ද එකී මායාවෙන් මිදිය නොහැකි සිනමා නිර්මාණ ද නැතුවා නොවේ. එසේ එළියට පැමිණ පසු ද තමන් මෙතෙක් වේලා රැඳී සිටියේ මායාවක් සමග නොවේ යැයි ප්‍රේක්ෂකයාට සිතේ නම්, ප්‍රේක්ෂකයාට එකී මායාවෙන් ගැලවිය නොහැකි නම් එය සැබැ සිනමාව යැයි හැඳින්විය හැකි ය.

සැබෑ ලෝකයේ දී අත්දකින්නට නොලැබෙන යම් සිද්ධියක් මායා ලොවක දී හෝ දැකගන්නට අපි සැවොම කැමැත්තෙමු. බිහිසුණු අනතුරු, ඇදහිය නොහැකි තරම් විශාල සතුන්, සැබෑ ලෝකය තුළ දක්නට නොමැති අරුම පුදුම වාහන, සැබැවින් ම දකින්නට අකමැති මිනීමැරුම්, පැහැරගැනීම්, පහරදීම්, දූෂණය කිරීම් කෙටියෙන් ම පවසන්නේ නම් සැබැ ලොවේ දක්නට නොමැති බොහෝ දෑ සිනමා නිර්මාණයක් තුළින් දැකීම ම ඇතැම් ප්‍රේක්ෂකයකුට අමා රසයක් විය හැකි ය. එහෙත් සිනමාව යනු කලා මාධ්‍යයක් නම්, කලාමාධ්‍යය යනු මිනිසා සුවපත් කරන ඔසුවක් නම්, එකී ඔසුව යනු මිනිසුන් කපා කොටා මරා දමන අයුරු ප්‍රදර්ශනය කරන්නක් නම් සැබැවින් ම එය කලා නිර්මාණයක් ද? එසේත් නැත්නම් මිනිසුන් ගේ සිත් භියෙන් සන්ත්‍රාසයට පත් කර ඒ සඳහා එම මිනිසුන්ගෙන් ම මුදල් කඩා වඩාගන්නා කෛරාටික වැඩක් ද?

මෙවැනි පැන කිහිපයක් ම සිතට නැගුණේ මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගතවනවා යැයි පවසන ‘‘ප්‍රවේගය’’ සිනමා නිර්මාණය නැරඹීමෙන් ඉක්බිතිව ය.

දමිළ සිනමාවේ ශුද්ධ අනුපිටපත
‘‘ප්‍රවේගය’’ සිනමා නිර්මාණය දමිළ සිනමා නිර්මාණයක ශුද්ධ අනු පිටපතක් බව පවසන්නේ වෙනත් කිසිවකු නොව එහි පිටපත තමාගේ යැයි දැන් ආඩපාලි කියනා මහේෂ් රත්සර මදද්දුමආරච්චි ම ය. (පිටපත හා සබැඳි කතිකාවත මෙහි දි සාකච්ඡා නොකරමි) එය දමිළ සිනමාපටයක ශුද්ධ ඡායා පිටපතක් වීම කිසිඳු ගැටලුවක් නොවේ. ගැටලුව වන්නේ එය දෙමළ භාෂවෙන් තිරගත වු ‘‘පොල්ලාදවන්’’ සිනමා නිර්මාණය වැනි වෙනත් බොහෝ දමිළ සිනමා නිර්මාණ හා සමගාමී විම ය. ‘‘ප්‍රවේගය’’ දමිළ සිනමාපටයක ශුද්ධ පිටපතක් බව මහේෂ් පවසන්නට ප්‍රථම ම එහි ප්‍රචාරක පටය නැරඹීමේ දි ම පසක් විය. නමුත් එය එතරමට ම නොසලකා හැරියේ අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ද වාණිජමය සිනමා නිර්මාණ මතු නොව කලාත්මක සිනමා නිර්මාණ ද බොලිවුඩ්, හොලිවුඩ් හෝ වෙනත් බටහිර සිනමා නිර්මාණ ඇසුරෙන් නිර්මාණය කර ඇති බැවිනි.

ඉදිබුවාගෙන් පිහාටු පැතීම
මෙම සිනමා නිර්මාණය සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට රැගෙන යා හැකි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඇතැම් විචාරකයෝ පවසති. සැබැවින් ම මෙවැනි ඇන්දවීම්වලින් සිදුවන්නේ සිංහල හෝ ලංකීය සිනමාව යනු කුමක් ද යන්න ලෝකයාට හඳුනාගැනීමට නොහැකි වීම ය. කිසියම් සිනමා නිර්මාණයක් ආදායම් වාර්තා තැබු පමණින් ම ලාකීය සිනමාවේ ප්‍රගමනයක් ඇතිවේ යැයි කිසිවකු පවසන්නේ නම් එය පට්ට පල් කෙබරයකි. මන් ද පසුගිය වකවානුවේ කරළියට පැමිණි ඓතිහාසික කතන්දර රැලල්ල දුටිවිට ද ඇතැම් විචාරකයෝ මතු නොව අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ද එසේ පැවසූහ. එහෙත් මෙන වන විට සිදුව ඇත්තේ කුමක් ද? අවසන් වරට ප්‍රදර්ශනය වූ ‘‘මහ රජ ගැමුණු’’ සිනමා නිර්මාණය ද බලාපොරොත්තු වූ තරමට ආදායම් නොලැබීම ය. එසේ නම් ‘‘ප්‍රවේගය’’ වැනි සිනමා නිර්මාණයක් හරහා සිංහල සිනමාවේ ප්‍රගමනයක් බලාපොරොත්තු වනවා යන්න පිහාටු බලාපොරොත්තු ඉදිබුවකු පෝෂණය කර ඇතිදැඩි කළා වැන්නකි.

සමාජ ප්‍රශ්න පිළිබඳ අවම අවධානය
‘‘ඒ වුණාට සිනමාව කියන්නේ එක් අතකින් ආතල් ගැනීමක්නෙ’’ යනුවෙන් කිසිවකු විමසන්නට පිළිවන. ඔවුන්ට කිව යුතුව ඇත්තේ සැම සෙනසුරාදා සහ ඉරිදාවක ම පාහේ දෙමළ රූපවාහිනි නාලිකා කිහිපයක් නරඹන ලෙසයි. එක් මසක් තුළ මෙබඳු සිනමා නිර්මාණ පහළොවකට වැඩි ප්‍රමාණයක් නැරඹිය හැකි ය. වෙනසක් තිබේ නම් ඒ ශබ්දයේ අඩුපාඩුවක් පමණි. අදාළ සිනමාපටයේ සිංහල උපසිරැසි ද ප්‍රදර්ශනය වන බැවින් ඒවායේ කතා විලාසය ද ස්වයංක්‍රීයව ම ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගනී. ‘‘ප්‍රවේගය’’ සිනමා නිර්මාණය ද එබන්දකි. නමුත් මෙම නිර්මාණයේ සමාජ ප්‍රශ්න කිහිපයක් ද සාකච්ඡාවට බඳුන් වන බව ද නොකිව මනා ය.

මෙහි සරණපාල ගේ චරිතය ඉතාමත් සංවේදී චරිතයකි. හේමාල් සරණපාල ගේ මුදල් සොරකම් කර මිත්‍රයකුගේ සොයුරියගේ මගුල් ගෙදර ගොස් පැමිණීමෙන් අනතුරුව ඇතිවන සිද්ධියේ දී හේමාල් තම ඉවසීමේ සීමාව අතික්‍රමණය කරන්නේ සමාජයේ උඩුදුවා ඇති ප්‍රශ්නයක් විදාරණය කිරීමෙනි. දිගින් දිගටම වට මහවැස්සෙන් එකතු වූ ජලකඳේ ධාරිතාවය දරා සිටීමට නොහැකි වූ මොහොතේ වැව්බැම්ම පුරා ගියා සේ හේමාල් ගේ හැගීම් පිටාර ගලයි. එහි දි ඔහු සිය පියා කෙරෙහි ද හෙළන්නේ ආවේගකාරී බැල්මකි. ඔහු ඒ වචන සියල්ල එකපහර මුදාහරින්නේ පෙර කී පරිදි සමාජ ප්‍රශ්නයේ කොටසක් පියා වෙත ද පවරමිනි. එය හුදෙක් පියකු සහ තරුණ පුත්‍රයකු අතර සිදුවන වාග් සංග්‍රාමයක් නොව සමස්ත සමාජයම මැදි වී සිටින ප්‍රශ්නයක් හෙළිදරව් කිරීමකි. සැබැවින් ම තම පුතනුවන්ට රැකියාවක් නොමැත්තේ ඔහුගේ වරදින් නොව සමාජයේ වරදින් බව සරණපාල වටහාගන්නේ බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුව ය. එහෙත් රැකියාවකට පෙර වටිනා යතුරු පැදියක් මිලදි ගැනීම යන්න නම් පට්ට ම පට්ට ගොන් වැඩකි; ඒ යථාර්ථවාදී නොවන ෆැන්ටසිමය සිහිනයකි.

බ්‍රැන්ඩෝ වැනි පාතාල චරිත හරහා ඔප්නැංවෙන්නේ කුණු වි ඕජස් ගලන සමාජ යථාර්ථය වුව ද එබඳු චරිත අනන්තවත් සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇති බැවින් සහ ඉදිරියේ දී වුවමනාවටත් වඩා පැමිණීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් ගැඹුරු කියැවීමක් හෝ ගැඹුරු දැක්මක් අනවැසි ම ය. මන්ද පෙර සඳහන් කළ පරිදි සතිපතා විකාශනය වන බොලිවුඩ්, හොලිවුඩ් මතු නොව වෙනත් බටහිර සහ යුරෝපීය සිනමා නිර්මාණ තුළ ද මෙවැනි චරිත අනන්ත ය; අප්‍රමාණ ය. සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට මෙවන් නිර්මාණ අවැසි යැයි කිසිවකු පවසන්නේ නම් පුද්ගලයකු හෝ සමාජය වඩාත් දියුණු කිරීම සඳහා මත් කුඩු, මත් පෙති, සහ මත් ද්‍රව අලෙවි කිරීම ද යහපති. මන්ද ඒ හරහා විශාල මුදල් තොගයක් සරි කර ගතහැකි බැවිනි. නමුඳු ඉන් වන විනාශය කෙතරම් ද යන්න පසක් වන්නේ පෙරහැර ගමන් කර අවසාන වීමෙන් අනතුරුව ය.

ප්‍රවේගයේ මන්දගාමි චරිත
‘‘ප්‍රවේගය’’ සිනමා නිර්මාණයේ චරිත නිරුපණය දෙස අවධානය යොමු කිරීමේ දී වුව දක්නට ලැබෙන්නේ ප්‍රේක්ෂකයෝ හොඳින් දන්නා හඳුනන නළුවන් (නිළියන්ට නම් මෙම නිර්මාණයේ රඟපෑමට තරම් යමක් තිබුණා ද යන්න සැක සහිත ය) තම වගකීම් සහ යුතුකම් ඉටු කර ඇති බවයි. එහෙත් මෙහි ප්‍රධාන චරිතය වන හේමාල් රණසිංහ අභිභවා යන රංගනයක් ගජන් කනේෂන්ගෙන් මතුවීම හේමාල් රණසිංහ ගේ රගපෑම පහළ අඩියකට ඇද දමයි. ගජන් මෙහි දී ‘‘ප්‍රවේගය’’ මුල් සිනමා නිර්මාණය ඉතා හොඳින් අධ්‍යනය කර ඇති බව පැහැදිලි ය. ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න සහ සනත් ගුණතිලක (කෙටි කාලයක් පෙනී සිටින චරිතයක් වුව) සිය රංගන කුසලතාවන් මැනවින් ප්‍රදර්ශනය කර ඇත. මෙහි ප්‍රධාන කාන්තා චරිතය වන උදාරි ඇතුළු අනෙක් කාන්තා චරිත (දමිතා අබේරත්න හැර) රගපානවාද එසේත් නැත්නම් පෙනී සිටිනවා ද යන්න පවා අපහැදිලි ය.

‘‘ක්‍රියාදාම’’ නොහඳුනන විචාරක ක්‍රියාදාම
‘‘ප්‍රවේගය’’ දැවැන්ත ක්‍රියාදාම සිනමා නිර්මාණයක් ලෙස ද ඇතැම් පුවත්පත්වල සඳහන්ව තිබිණ. මෙවන් ඇන්ඳවීම් හේතුවෙන් සිදුවන්නේ ‘‘ක්‍රියාදාම’’ නමැති නාමකරණය ද හෑල්ලුවට ලක්වීම ය. පාතල මැරයන්ගේ මිනී මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇනකොටාගැනීම් හෝ විශේෂ ප්‍රයෝග සහිත සටන් ජවනිකා ඇතුළත් වූ පමණින් එකී සිනමා නිර්මාණය ක්‍රියාදාම සිනමා නිර්මාණයක් වන්නේ නම් ‘‘ජේම්ස් බොන්ඩ්’’ වර්ගයේ සිනමා නිර්මාණයක් අයත්වන්නේ කුමන සිනමා අංගයකට ද යන්න ගැටලුවකි. ලංකාවේ ක්‍රියාදාම සිනමාව යැයි හඳුන්වා දුන් කිසිඳු නිර්මාණයක් සැබෑ ක්‍රියාදාම සිනමා නිර්මාණ නොවු බව මෙහි දි වෙසෙසින් සඳහන් කළ යුතු ය. නමුත් එදා ටයිටස් තොටවත්ත ගේ ‘‘චණ්ඩියා’’ එකලට සාපේක්ෂව සැබැවින් ම ක්‍රියාදාම සිනමා නිර්මාණයක් ලෙස රසවිඳින්නට හැකි විය. පසු කලකදී බටහිර සිනමා නිර්මාණ අනුසාරයෙන් එවන් සිනමා නිර්මාණ කරළියට රැගෙන ආවද ඒ සියල්ල අසාර්ථකත්වයට පත්විය. සැබැවින් ම එය අධ්‍යක්ෂවරයාගේ දුර්වලතාව හෝ නළු නිළියන්ගේ දුර්වලතාව නිසා සිදුවන්නක් නොව ලාංකීය සිනමාවේ ම පවතින දුර්වලතාවකි.

අවසන් නිගමනය
අවසන් වශයෙන් පැවසිය යුතුව ඇත්තේ අපිට අපේම වූ සිනමාවක් බිහි කර ගතයුතු බවයි. හොලිවුඩ්, බොලිවුඩ්, දකුණු ඉන්දියානු හෝ වෙනත් ආසියාතික සිනමා නිර්මාණවල ශුද්ධ අනු පිටපත් ලාංකිය සිනමා කෙතේ රෝපණය කිරීම තුළින් මතුදා හෝ අපිට අපේම වු සිනමා කලාවක් හෝ කර්මාන්තයක් ඉතිරි නොවනු ඇත. සිදුවන්නේ පෙර පැවතියාක් මෙන් වෙනත් රටක සිනමා නිර්මාණයක සිංහල දෙබස් කැවු පිටපත් කිහිපයක් බිහිවීම පමණි. සිනමා කර්මාන්තය යනු එය නම්, සිනමාව යනු එය නම්, දැනට පවතින සියලු සිනමා ඇකඩමි වසා දැමිය යුතු ය. හැකිතරම් හොලිවුඩ්, බොලිවුඩ්, දකුණු ඉන්දියානු සහ වෙනත් රටවල සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කර ‘‘මෙන්න මේක තමයි සිනමාව’’ යනුවෙන් ආදර්ශයක් සැපයිය යුතු ය. එකී සිනමා නිර්මාණවල අඩංගු සියලු දෑ අප උකහා ගත යුතු ය. උදාහරණයක් ලෙස ගතහොත් යම් සිනමා නිර්මාණයක දකුණතින් පිස්තෝලයෙන් වෙඩි තබන චරිතයක් සඳහා වමත හුරු නළුවකු වෙත පැවරීමේ දී එකී නළුවාට දකුණතින් වෙඩි තැබීම සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දිය යුතු ය. (මීට කලකට ඉහත සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක් මෙවන් අබග්ගයකට මුහුණ පැ බව එකල වාර්තා විය.) එසේ නොවුණ හොත් අධ්‍යක්ෂකවරයාට සිතට හරි නැත. අපේ සිනමා ආභාෂය නොව අනුකරණය එතරම් ම සංකීර්ණ ය; බැතිබර ය; නොවරදින සුලු ය.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රවිශ්ටය
ගාමිණී විජේතුංග පරිවර්තනය කළ මිලාන් කුන්දේරාගේ ‘‘Unbearable Lightness of Being’’ (1998 දී මෙ’නමින් ම සිනමා නිර්මාණයක් ද තිරගතවිය) කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘පියාපතක්වන් ජීවිතයක්’’ කෘතිය නිකුත් වූ පසු මා එය කියවීමි. විවිධ ස්ථානයන්හි දී හමුවන හිතමිත්‍රයන් සමග සාහිත්‍යය පිළිබඳ කෙරෙන කතාබහේ දී මා එක්තරා පුද්ගලයකුගෙන් (ඔහු එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාධරයෙකි) අදාළ කෘතිය පිළිබඳ විමසුවෙමි. ඔහු එකපැහැර මා වෙත සැපයූ පිළිතුර වූයේ ‘‘අපෝ ඒක මේ ගැනූයි මිනිස්සුයි හු#න එක ගැන ලියවුණ පොතක්නෙ’’ යනුවෙනි.

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+