පසුව පැමිණි ලියමන (ඔබ නැතිව ඔබ එක්ක පිළිබඳ)

Published in කලා
Wednesday, 07 October 2015 14:59

ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ දිනවල එක් එක් ආකාරයේ සාකච්ඡා මතුවෙමින් ඇති අතර දේශපාලන පක්ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයින් විශේෂ වශයෙන් මේ ප‍්‍රශ්නය දෙසට ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ තිබියදීත් පසුගියදා තිරගත වුණු ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය පිළිබඳ සිදුකළ සාකච්ඡාවේ ඇති දරිද්‍රතාවය පිළිබඳ අපි නැවතත් සිතිය යුතුය.

විචාර එකක් දෙකක් (භූපති නලින් දේශනය හා අජිත් පැරකුම්ගේ විචාර පිළිබද මම දැනුවත්වීමි) හැරෙන්නට මෙම කෘතිය පිළිබඳ පළවූ කෘතියේ දෘෂ්ඨිවාදී ආස්ථාන පිළිබඳ තවදුරටත් සාකච්ඡාව අවුලූවාලීමට අවශ්‍ය බවයි මට නම් සිතෙන්නේ. බොහෝදෙනාට අනුව මෙම කෘතිය දෙමළාගේ අයිතිය සම්බන්ධ ප‍්‍රශ්නය ලංකාවේ මිනිසුන්ට වඩා සංවේදී කරතැයි පවසනු ලබයි. එය ඉතාමත් වැරදි චිචාක් බවයි මගේ අදහස.

සම්පූර්ණ කෘතිය තුළ පවතින්නේ මොනවාද. අපි ප‍්‍රශ්නය වෙත යොමු වෙමු.

ලංකාව යනු 2009 වර්ශයේ ජාතිවාදයේ ශෘංගාරාත්මක කූටප‍්‍රාප්තිය ලබාගත් සිංහල ස්වෝත්තමවාදයේ හොදම ගොදුරක්. ඒ කොතෙක්ද කියා අපිට අමුතුවෙන් සිතන්නට අවශ්‍ය කරුණක් නොවේ. තමන්ගේ ජීවිතයේ තෘප්තිය නැති කරන්නේ දෙමළා යැයි සිතූ සිංහල ස්වෝත්තමවාදීහු දෙමළාගේ දේශපාලන මරණයෙන් පසු හැරුණේ මුසල්මානුවන් දෙසටය. මුසල්මානු මිනී කඳු ගොඩගසන්නට සැරසුනත් එය දිගු දුර ව්‍යාපෘතියක් කර ගැනීමට අදාළ ජාතීවාදීන්ට නොහැකිවිය. එහෙත් මුසල්මානුවා සම්බන්ධ ප‍්‍රශ්නය සිංහල ස්වෝත්තමවාදීන්ගේ ඔළුවල පැය විසිහතරේම කැකෑරෙමින් තවමත් තිබේ.
ලංකායේ ම්ලේච්ඡ යුධ ඝාතන රැල්ල අවසානයේ ලංකාවට ඉතුරු වූයේ කුමන සන්ධර්භයක්ද. බොහෝ දෙනෙක් මුසල්මානුවන් වෙත හැරුණු අතර තව ටික දෙනෙකු සෑම යුධ කාලයකටම පසු එන පශ්චාත්තාපයේ ගිලෙන්නට විය. වාමාංශික මෙන්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂද සිවිල් දේශපාලන ක‍්‍රියාකාරීන්ද ගොඩනැගූ සාමූහික දෙමළාගේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නයෙහි දේශපාලන සාකච්ඡාව විසින් පොලා පැන්න විපරීත තත්වයකි එය. බොහෝ ජනතාවකට ඇසුණේ දෙමළුන් සම්බන්ධව නැවත සිතන ලෙසත්, ඔවුන් පිළිබඳව සළකා බලන ලෙසත්ද වශයෙනි. ඔවුන්ට අවසාන පිළිතුරක් පිළිබඳ අදහස පෝෂණය නොවුනත් අවසානයේ යුද්ධය සම්බන්ධ වරදකාරී හැ`ගීමක් ඔවුන්ගේ සිත්තුළ උත්පාද විණි. මේ මොහොතේ ලංකාවේ දෙමළාගේ අයිතිය පිළිබඳ දේශපාලන සාකච්ඡාවේ දේශපාලන ක‍්‍රියාකාරකම් සිදුකරන්නේ මෙම ආස්ථානයෙනි. එමනිසා බොහෝ වාමාංශිකයන්ට මෙන්ම සිවිල් ක‍්‍රියාකාරීන්ටද මෙම චිත‍්‍රපටය ඉතා විශිෂ්ට කෘතියකි.

ප‍්‍රසන්න විතානගේ දොස්තොව්ස්කිගේ මෙම කෙටි කතාව ලංකාව තුළට ඇතුළත් කරද්දී ඔහු එයට ලංකාවේ ජාතික ප‍්‍රශ්නය බහාලයි. ඒ නිසා මට සිතන්නට වන්නේ මෙය හුදු පේ‍්‍රම කතාවක කොටසක් පමණක් නොව මෙයට වර්ථමාන දේශපාලන සාකච්ඡාව, ඔහු චිත‍්‍රපටය තුළින් ඉල්ලා සිටි බවයි. දෙමළාගේ අයිතිය සම්බන්ධව ලංකාවේ තිබෙන දෘශ්ටිවාදී පසුබිම මතට මෙම කෘතිය පැමිණෙන නිසාම මෙය කෘතියකට වඩා ජනතාවගේ ඔළු දේශපාලනිකව සංවිධානය කිරීම තුළට නිතැතින්ම අදාළ වන නිසා අප විසින් මෙම කෘතිය පිළිබ`ද කතා කළ යුතුමය.

කෘතිය තුළින් බොහෝ විචාර අපේක්ෂා කළ ආකාරයේ දෙමළාගේ දේශපාලන අයිතිය සම්බන්ධ ප‍්‍රශ්නය හා ඒ හරහා දෙමළාගේ අධ්‍යාත්මයට සංවේදී වීමට බල කරන ලදැයි යන සාකච්ඡාව සපුරා වැරදිය. බැලූ බැල්මට මෙය එසේ යැයි පෙනෙන අතර එය සිදුවන්නේ කෙසේදැයි අපි සාකච්ඡා කරමු. මා සමග චිත‍්‍රපට ශාලාවේ චිත‍්‍රපටය නැරඹූ කිහිපදෙනෙක්ම කතාවනු ඇසුනේ, ‘බලන්න සිංහල කොල්ලා මෙච්චර දේවල් කරලත් මේ කෙල්ල ගණන් ගන්නේ නැහැනේ’ යනුවෙනි. ඔහු (සිරි) සැබවින්ම ඇය කෙරෙහි පේ‍්‍රම කරයි. ඒ වෙනුවෙන් බොහෝ දේ ඔහු කැප කරයි. එය විසින් තමයි අපි තුළ අදහස පැල වෙන්නේ සිරි සෑහෙන්න දේවල් ඇයට ලබා දෙන බව. නමුත් සෙල්විට පෑස්සිය නොහැකි ප‍්‍රශ්නයක් ඇත. ප‍්‍රශ්නය වන්නේ සිරි දෙන්නේ මොනවාද යන්නයි. රට සවාරි, ඇ`දුම්, ජනප‍්‍රිය චිත‍්‍රපටය. සෙල්වියේ ප‍්‍රශ්නය සැබවින්ම එය නොවේ. ඔහු දෙන්නේ සෙල්විගේ ප‍්‍රශ්නයට වැරදි පිළිතුරුය.

එහෙත් පවතින දෘශ්ටිවාදයන් සමග හරියටම සමපාතවන මිනිසුන් සිතන්නේ ඔහු කොච්චරනම් දෙනවාද යන්නයි. දෙමළු පුදුම තරම් මුරණ්ඩු, කොච්චර කළත් හරියන්නේ නැති ජාතියක්යැයි (කෙළෙහිගුණ නැති) සිංහල ස්වෝත්තමවාදීන්ගේ තර්කය නැවත තහවුරු වන අතර එය හදවත හා මනස සනසන්නේ ඔවුන් දෙමළුන්ට සළකනවා යැයි සිතා සදාචාර අස්වැසිල්ලක් සමගය. ඒ නිසා තව දුරටත් ඔවුන්ට කාපට් පාරවල්, පාරිභෝගික භාණ්ඩ, ටීවී චැනල් යවනු ඇත. එහෙම යවා දෙමළුන්ට අපි මෙච්චර දේවල් දෙනවා යැයි පාරම්බානු ඇත.

චිත‍්‍රපටයට අනුව, සෙල්වි කොයිම වෙලාවවත් මෙය ප‍්‍රශ්නයටවත් නගන්නේ නැති අතර අවසානයේ ඇය පවසන්නේද සිරිගේ ආදරය ලබන්නට තරම් ඇය සුදුසු නැති බවයි. එහිද වරදකාරී හැඟීම සෙල්වි පිළිගත් නිසාම නැවතත් සිංහල ස්වෝත්තමවාදීන්ට අස්වැසිල්ලක් ලැබේ. එයින් අදහස් වන්නේ කෘතිය සමාජය මත ක‍්‍රියාකරන්නට පෙර තිබුණු සිංහල ස්වෝත්තමවාදී දෘශ්ටිවාදය තවත් සම්භාව්‍ය වටයකින් නැවත ස්ථාපිත කිරීමකි.

මෙහි සියුම් බව අප විසින් වටහාගත යුතු අතර චිත‍්‍රපටය දෙමළාගේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නයට ආලෝකධාරාවක් එල්ල කළා යැයි සිතන්නේ සිරි සෙල්විගෙ ප‍්‍රශ්නයට හරියටම උත්තර දුන්නා යැයි පරිකල්පනය කර ගෙනය. මෙම කෘතියට අදාළව වන්දිය ගෙවන්නේ සිරි වුවද සැබවින්ම ලංකාවේ සිදුවුණේ එය නොවේ. වන්දිය ගෙව්වේ දෙමළ ජාතියයි. ලංකාව තුළ අධිපති කතිකාව පවතින්නේ වන්දිය ගෙව්වේ සිංහල ජාතිය බවයි. ඒ මත කෘතිය නැවතත් සමපාත වන බව මෙහිදී පෙන්වා දිය යුතුය.
මෙහිදීද කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නන් අපට පවසන්නේ දෙමළාගේ - සිංහලයාගේ ඒ සංකීර්ණ කම පෙන්වන්න තමයි, ප‍්‍රසන්න උත්හාස කරන්නේ යනුවෙනි. එහෙත් කෘතියක් කතිකාවට සම්බන්ධ වන්නේ පවතින අධිපති දෘශ්ටිවාදයෙන් මිසක අපි විසින් පරිකල්පනය කරන දෘශ්ටිවාදයකින් නොවන බව මේ පිරිස් වටහා ගන්නේ නැත. අපේ ආශාවන් කෘතිය තුළ පිළිබිඹු නොවන්නේ නම් අපි කුමක් කරමුද.

මෙම කෘතිය තුළ පවතින මෙම තත්වය තවත් දුරට විස`දා බලමු.

මුසල්මානුවන් සම්බන්ධ සිංහල ස්වෝත්තමවාදීන්ගේ තර්කය අපි පසුගිය සමයේ සෑහෙන්න දුටුවෙමු. සිරි උකස් කඬේ විකුණන්නේ මුස්ලිම් මිනිසෙකුටය. කොහේවත් නැති මුසල්මානුවෙක් මෙහි පෙන්වන්නේ ඇයි. කඬේ ගත්තේ සිංහල හෝ දෙමළ එකෙක් නම්, නැතිනම් විදේශකයෙක් නම් සිදුවන දෙයට වඩා විශාල දේශපාලන ආස්ථානයක් මෙහි අඩංගුය. සිංහල ස්වෝත්තමවාදීන්ගේ තර්කයක් වන, මුසල්මානුවන් ලංකාවේ බිම් හා ආර්ථිකය අල්ලා ගන්නවා කියා මිනී මරන්නට තතනන තර්ක සඳහා මෙම චිත‍්‍රපටයක් ආයෝජනයක් සපයයි. සිංහලයන් දෙමළාට විරුද්ධ වන්නේ කුඩා කල මෙන් ‘දෙමළු පඩිගත්තා වගේ’ වැනි තර්ක විසින් දෘශ්ටිවාදී ලෙස අපේ කතිකාව සකස් කොට ඇති බැවිනි. ඉතා ක්ෂුද්‍ර තැන් වලින් බිහිවන චින්තනයට මුසල්මානු වෙළෙන්දාගේ රූප පෙළ විසින් තවදුරටත් සිංහල ස්වෝත්තමවාදී දෘශ්ටිවාදය දෙසට විස්ථාපනය කිරීමට මනා පිටිවහලක් සපයයි.

අනෙක් ප‍්‍රධානම දෙයක් වන්නේ සෙල්වි හරහා ගෙනෙන දෙමළාගේ ප‍්‍රශ්නය මාලාව සැබවින්ම දෙමළාගේ ප‍්‍රශ්න මාලාව නොව සාමාජන්‍යයෙන් සිංහලයාද දන්නා සරළ ප‍්‍රශ්න ටිකකි. ඒ ප‍්‍රශ්න තිබෙන බව කොහොමත් සිංහල සමාජය දනියි. එම ප‍්‍රශ්න තමයි දෙමළාට තියෙන්නේ කියලා ප‍්‍රසන්න නැවතත් කෘතියක් හරහා සමාජයට අතහරිද්දී දැනට තිබෙන සමාජය පවා නැවතත් ඔවුන්ටම ඒත්තුගන්වගන්නේ දෙමළාගේ ප‍්‍රශ්න ටික ඔවුන් දැනටමත් දන්නා සෙල්විගේ ප‍්‍රශ්න ටික බවයි. සැබැවින්ම එය එසේ නොවෙයි. සෙල්විගේ ප‍්‍රශ්න වල ගැඹුර ප‍්‍රසන්න විසින් ස්පර්ශ කර නොමැති අතර සිංහල ස්වෝත්තමවාදියෙක් පරිකල්පනය කරන ප‍්‍රශ්න ටික ප‍්‍රසන්න සෙල්වි හරහා කෘතියට ගෙනෙයි. එහි ප‍්‍රධානතම අර්බුධය වන්නේ දෙමළ කාන්තාවක් යොදාගෙන අපිම පරිකල්පනය කරන ප‍්‍රශ්න නැවතත් අපි දෙසටම ගෙන්වා ගැනීමයි. මෙම කෘතිය දෙස බැලීමෙදී සැබැවින්ම අපට හමුවන්නේ සිංහල සොල්දාදුවෙක් සහ සිංහලයන්ම පරිකල්පනය කරන ලද දෙමළ කාන්තාවකි. කෘතිය තුළ ‘දෙමළ කාන්තාවක්’ සැබවින්ම නැත. එය ඔහු භූපති පැවසූ ලෙසින්ම ‘දෙමළා නැතුව දෙමළා එක්ක’ කළ සංවාදයකි.

මගේ අදහස් එකතුකිරීමට තවත් හොඳම උදාහරණයක් වන්නේ සෙල්විගේ මරණයයි. ප‍්‍රසන්නට මෙම මරණය පිළිබ`ද දර්ශන පෙළ තුළින් චිත‍්‍රපටයේ එතෙක් පැමිණි සිංහල ස්වෝත්තමවාදයට ප‍්‍රශ්න කිරීමට තරම් තීව‍්‍ර කිරීමට තිබුණද ඔහු එය ඉතාම අඩු කම්පනයකින් යුතුව ඉදිරිපත් කරයි. ඔහු වැඩි දායකත්වයක් තිබුණේ සිරිගේ වේදනාව අප වෙත නිශ්පාදනය කරන්නටය. එවිට කම්පනයේ පැත්ත බර වන්නේ සෙල්විගේ මරණය සම්බන්ධව නොව සිරිගේ විරහව සම්බන්ධවය. සිරි ඔවුන් දෙදෙනාගේ රට ගමනට මහන්සි වන අයුරු... ඔහු නැවත ගෙදර එන අයුරු.. ඔහුගේ ගෙමිදුලෙහි සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිව බයිසිකලය දමා එන අයුරු.. මේ සියල්ල ප‍්‍රසන්න විසින් විදාරණය කරයි. නමුත් සෙල්විගේ මරණය චිත‍්‍රපටයේ සැගවී සිදුවෙන දෙයක් ලෙස යට ගොස් ඇත. යුද්ධය පිළිබ`ද වරදකාරී හැ`ගීමෙන් පසුවන සිංහලයාගේ වීරයා ඒ වනවිටත් ‘සිරි’ය. සිරීගේ වේදනාවෙන් කම්පනය වන්නේ මේ ගෑණිට පිස්සු. බලන්න අන්තිම පොඞ්ඬේ කාගත්තා, ලස්සනට දෙන්නට ඉන්න තිබුණා වගේ සාප්පු කතා ගොඩකිනුයි. මෙය සහමුලින්ම වෙනස් කිරීමට තිබියදීත් ප‍්‍රසන්න සෙල්විගේ මරණය යට ගහන්නේ ඇයි. මෙම චිත‍්‍රපටය තුළ ප‍්‍රසන්න සිදුකරන්නේ ‘දේශපාලනය කතා කරන්න ඕන තැන පේ‍්‍රමය කතා කිරීමත් පේ‍්‍රමය කතාකරන්න ඕන තැනදී දේශපාලනය කතා කිරීමත්’ ය.

මේ අකාරයෙන්ම පසුගිය දා අපට හමුවූ ‘බෝම්බ සහ රෝස’ චිත‍්‍රපයටද සැඟවුණු ලෙස ස්වෝත්තමවාදය සමග අත්වැල් බැඳගත් අතර (බෝම්භයට තිබෙන බිය පැය එකහමාරක් තුළ පේ‍්‍රක්ෂකයාගේ චින්තනය තුළ අභ්‍යාස කළ අතර සිංහල ස්වෝත්තමවාදයට එරෙහිව දෙමළාගේ දේශපාලන අවිය වූයේද බෝම්යයි) අපූරුම දෙය වන්නේ දෙමළා ගැන ලංකාවේ සිදුකරන චිත‍්‍රපටි මෙම ආකාරයේ අර්බුධ වලට ගොදුරු වීමයි.

බොහෝ වාමාංශිකයින් හා සිවිල් ක‍්‍රියාකාරකයින් දෙමළ ජනතාවගේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය මෙවැනි දෙයක් හරහා කතාකිරීමට වැඩිපුර කැමතිය. සමාජ යථාර්ථයේදී සිදුවන දේවල් මග හැර මෙවැනි දෙයක් පාදක කරගනිමින් වුවද දෙමළ ජනතාවගේ අයිතිය පිළිබද සාකච්ඡා කළ හැකිය. සැබැවින්ම මෙම කෘතිය විවේචනය කිරීමම යනු සිංහල ස්වෝත්තමවාදය සමග තිබෙන ගනුදෙනුව ප‍්‍රකාශයට පත් කිරීමකි. එම විවේචනය ගොනු නොකරනතාක් අපිව ස්ථානගත වන්නේම අධිපති මතවාදයේමය.
මෙහි සියුම් ලෙස ප‍්‍රකාශයට පත්වන සිංහල ස්වෝත්තමවාදී ආස්ථානයන්ට සමාජය නතුවන්නේ දෙමළාගේ ඇත්තම ප‍්‍රශ්නය චිත‍්‍රපට කරුවා මෙන්ම සිංහල වාමාංශිකයන්ටද ප‍්‍රහේලිකාවක් වන බැවිනි. දෙමළාගේ ප‍්‍රශ්නයට මෙම චිත‍්‍රපටය ඉතා සියුම්ව ප‍්‍රගතිශීලී ලෙස මැදිහත් වනවායැයි කොතෙකුත් පාරම් බෑවත් පේ‍්‍රක්ශකයාගේ ආත්මය එම තර්ක වලට පිටින් ගොස් සිංහල ස්වෝත්මවාදී දෘශ්ටිවාදය කූල්මත් වන තැන ගන්නා බව අපි හැම දෙනාම දත යුතුය. එහෙයින් ඔවුන් ඔබේ තර්කයට වඩා කැමැත්තකින් සවන් දෙනු ඇති අතර (ඔවුන්ගේ කැමැත්තද එය නිසා) නොදැනුවත්වම ඔවුන්ගේ පැවැත්ම පිහිටන්නේ දෙමළාට හා මුසල්මානුවාට විරුද්ධවමය. මෙම චිත‍්‍රපටයෙන් ගොඩනැගෙන සමාජ චින්තන සැකැස්ම අපි විසින් කොන්දේසි විරහිතව විවේචනය කළ යුතුය.

කැළුම් නවරත්න

Last modified on Wednesday, 07 October 2015 16:35

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us