පේරාදෙණියේ පස් නිවුන් දරු උපතක්

Thursday, 03 July 2014 22:04

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් පස් නිවුන් දරු උපතක් අද (03) වාර්තා විය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා සඳහන් කළේ මහනුවර පැලැල්ලේගම ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තනූජා ඒකනායක නැමැති නීතීඥවරියක් මෙම දරු ප‍්‍රසූතිය සිදුකර ඇති බවයි.

පිරිමි දරුවන් හතරදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු උපත ලබා සිටින බවත්, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

වසර 10 ක් දරුවන් නොමැතිව සිටි මෙම කාන්තාවට පස් නිවුන් දරු උපත අද සිදුවූයේ සිසේරියන් සැත්කමකිනි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සිසිර රණරාජා මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් දරු උපතේදී වෛද්‍ය සහාය ලබාදී තිබේ.

(nethfm)

baby-1

baby-2

baby-3

baby-4

baby-5

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us