අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා කැ‍රැකෙමින් සිටින කුමන්ත්‍රනකරුවන් කිහිප දෙනෙකු ගත් උත්සාහය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් සමත් වී ඇත.මහ මැතිවරණයෙන් මේවන විට එජාපය වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් ඵි‍ටුවීම සඳහා වැඩි සුදුසුකම් සපුරා තිබේ.

තමන් පරාජය භාරගන්න බව කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක මහින්ද රාජපක්ස ලෝකප්‍රකට AFP පුවත් සේවයට පවසා තිබේ. ඔවුන් සිය නිල Twitter ගිණුමෙන් මේ බව දන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.

 

‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටහනක් දුන්නා.‘

 

බදුල්ල දිස්ත්‍රිකයේ සියලුම ආසන (මහියංගනය,වියලුව,පස්සර,බදුල්ල,හාලිඇල, ඌව පරණගම,වැලිමඩ,බණ්ඩාරවෙල,හපුතලේ) වල බලය එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගෙන ඇති ඇතැයි වාර්තා වේ.


නිල නොවන ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක 10ක් එක්සත් ජාතික පක්ෂය විසින් ද ,දිස්ත්‍රික්ක 9ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ද දිනා ගැනීමට සමත්ව සිටින බව වාර්තා වේ.

මේ වන විට ලැබී තිබෙන නිල හා නිල නොවන ඡන්ද ප්‍රතිපලයන් අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මැතිවරණ නිරීක්ෂකයන් පවසති.

ජනාධිපති මාධ්‍ය අංශයේ අංශ ප්‍රධානියාගේ නිවස ඊයේ දිනයේදී (16) පොලීසිය විසින් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන විසින් සිදුකරන ලද බොරු පැමිණිල්ලක් හේතුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 13 දෙනෙක් ඉවත් කර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු 13 දෙනකු එම පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව එම පක්ෂයේ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us