ඉස්කෝලෙට මැනේජර් මහත්තයෙක්.! දැන් කියයි ඉස්කෝල ටික විකුණන්න හදන්නේ කියලා

Published in පුවත්
Monday, 05 March 2018 12:12

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් වැඩි ප්‍රමාණයක් සිටින පාසල් පරිපාලනය කිරීමේ පහසුවට පාසල් කලමනාකරුවෙකු පත් කිරීම යෝජනාවක් අධ්ප‍යාන අමාතයංශ්‍යයට ලැබී තිබේ.

ජාතික පාසල් පරිපාලන කටයුතුවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මෙලෙස කළමනාකාරවරයකු පත්කරන ලෙසත්, එවිට පාසලේ විදුහල්පතිවරයාගේ වගකීම් ලිහිල් කිරීමක් සිදුකළ හැකි බවත් අධ්‍යාපනඥයන් සහ විදුහපතිවරුන් විසින් මෙලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාකර ඇත.


ඒ අනුව ළමයින් සහ කාර්යමණ්ඩලයේ පරිපාලන කටයුතු, ළමයින් ඇතුළත් කරගැනීමේ කටයුතු, පාසලේ උත්සව සංවිධානයකිරීමේ කටයුතු ආදී වගකීම් මෙම පරිපාලන නිලධාරියාට පැවරීමට ඇති හැකියාව පිළිබඳවද සොයා බැලීමට ඇමැති අඛිල විරාජ් කාරියවසම් තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල තුළ පවතින ලේඛකාධිකාරී තනතුරට සමාන තනතුරක් හෝ පරිපාලන නිලධාරී ලෙස මෙම තනතුර පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් තිබේ.

ජාතික පාසල් තුළ විදුහල්පතිවරුන්ට රාජකාරි බහුලවී ඇති බවත්, ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිවනවිට එම කටයුතු තවත් කාර්යබහුල වන බැවින් විදුහල්පතිවරුන් පීඩාවට පත්වන බවත් අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මීට වසර ගනනාවකට පෙරද පාසල් සඳහා කලමනාකරුවකු පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එහේදී විදුහල්පතිවරයාව කළමනාකරුවකු ලෙස පත්කිරීමට යොජනා වූවත් එය පාසල් පෞද්ගලිකකරණය කිරීම මූලික පියවරක් ලෙස හඳුන්වමින් ඊට එරෙහිව දැඩි විරෝධතා එල්ල විය.

මේ අනුව මෙම යෝජනාව ප්‍රකාරව 'කලමණාකරු' යන වචනය ඇසීමත් ' දැවන්ත විරෝධතාවයකට, වැඩ වර්ජනයකට' නිමිත්තක් විය හැකිය. එල්ලෙන්න වලේ වැල් නැතිව සිටින බංකොලොත් වාමාංශිකයන්ට මේක හොඳ අවස්ථාවකි. රාජපක්ෂලාගේ විපක්ෂයට ටික තලුමරන්න පුලුවන් මාතෘකාවකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us