මංගල, ජනපතිගේ උගුලකට අසුවෙලා !

Published in පුවත්
Tuesday, 23 May 2017 12:14

ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මංගල සමරවීර මහතාට ලැබුණද ඔහු යටතේ වන කිසිදු ආයතනයක කිසිදු නිලධාරියකු වෙනස් නොකළ යුතු බවට ජනාධිපතිවරයා නියෝගයක් පනවා ඇති බව ඇමැති සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මංගලට ඕනෑ විදිහට තමන් වැඩ නොකරන බවත් තමන්ව පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් වන බවත් එසේම ඇමැති මාරුවක් විනා ආණ්ඩුමාරුවක් නොවීම හේතුවෙන් තමන්ව ඉවත් කිරීම සාධාරණ නැති බවත් එම ආයතන ප්‍රධානින් ද පවසමින් ඇත.

ඒ කෙසේ නමුත් මංගල සමරවීර මහතාට මෙම අමත්‍යංශය ලබාදිමට ප්‍රථම මේ බාරගෙන කටයුතු කරන ලෙස ජනාධිපති අගමැති දිගින් දිගටම ඇවිටිලි කර තිබිණි. විශේෂයෙන්ම ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ සැලකිය යුතු ප්‍රචාරයක් නොවීම හා ආණ්ඩුවට එරෙහිව වන චෝදනාවන්ට උත්තර සැපයීම නොවීම හේතුවෙන් මාධ්‍ය ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විශේෂ මැදැහත් වීමක් කරන ලෙස ඔහුට දන්වා තිබිණි. ජනමාධ්‍ය අමාත්‍යංශ භාරගෙන කටයුතු කරන ලෙස ඉල්ලීම ඉදිරිපත්ව තිබුණේ ද ඒ අනුවය.

මේ වන විට රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් නිද්‍රාශීලී හා අලස පිලිවෙතක සිටිමින් කටයුතු කිරීම හා ඔවුන්ට දේශපාලන බලය සම්බන්ධයෙන් හා ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කිසිදු ප්‍රයොගික දැනුමක් නොමැති වීම මත විරුද්ධ පක්ෂ වල පදනම් විරහිත චෝදනාවන්ට හෝ නිසි පිළිතුරු බැඳීමට නොහැකි තත්වයක් ඇතිව තිබේ.

මංගල සමරවීර මහතා මෙම ඇමැතිධුරයේ දිවුරුම් දිමටත් ප්‍රථම ආණ්ඩුව රැක ගැනීම සඳහා වන ප්‍රචාරන වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැගීමට සැලසුම් සකස් කළ අතර ඒ වෙනුවෙන් කටයුතු කළ හැකි දක්ෂයන් කිහිපදෙනෙකු එකතුකර ගැනිමට අදහස් කරගෙන තිබිණි. එහෙත් ජනමාධ්‍ය අමාත්‍යංශය ලැබුණු විට තමන් හා කටයුතු කළ හැකි දක්ෂයන් පිරිසක් ආයතන ප්‍රධානින් ලෙස පත් කිරීමට ඔහු බලාපොරොත්තු වූවද ඒ මේ වන විට ජනධිපතිවරයාගේ නියොගය මත ඒ සියල්ල අකුලා ගැනීමට සිදුව තිබේ. ( ඊයේ දිනයේදී සමරවීර මහතා විසින් මාධ්‍ය ආයතන ප්‍රධානින් ලෙස අලුතෙන් පත් කිරීම සඳහා ජනධිපතිවරයාට යොජනා කළ පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇතැම් වෙබ් අඩවියක පලවී තිබුණද ඒ මුළුමනින්ම අසත්‍යක් බව ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග පැවැසීය. ඒ පිරිස අතර දැඩි මහින්දවදීන් පිරිසකගේ හා අසාර්ථක මෙන්ම විවිධ චෝදනාවන්ට ලක්වූ නිළධාරීන් කිහිප දෙනෙකුගේ ද නම් අඩංගුව තිබිණි)

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාතය්‍යංශයෙ ඉහළ නිලධාරියකු පවසා සිටියේ ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණේ ඔහු ද අනුගමනය කරන ,රාජපක්ෂවරු විසින් පසුගිය දශකය තුල ගොඩනැගූ ඊනියා සිංහල බෞද්ධ චින්තනය ක්‍රියාවට නැඟීමට බලවත් බාධකයක්ව තිබුණු මංගල සමරවීරව විදේශ ඇමැතිධුරයෙන් ඉවත් කර ගැනීමට පමණක් බවත් මේ වෙනුවෙන් බොරු පොරොන්දු දී ඔහුව විදේශ ඇමැති කමින් ඉවත් කළ බවත්ය. මේ උගුලට සමරවීර මහතා අවාසනාවන්ත ලෙස ගොදුරුව ඇති බවත්ය. රාජ්‍ය මාධ්‍ය ආයතන වල පවතින නිද්‍රාශීලි අලස භාවයට එම ආයතන ප්‍රධානින්ගේ අදක්ෂ භාවය සෘජුවම බලපා ඇති බවත් එමෙන්ම තවමත් ඉහළ පු‍ටුවල වැජඹෙන මහින්ද වාදීන් හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි වන අපකීර්තිය වර්ධනය වීම හැර පසුගිය වසර දෙකාහාමාර තුලදී අන් යමක් සිදු නොවුන බවත් ඔහු පෙන්වා දෙයි. හිටපු ඇමැතිවරයාටද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් හා හැකියාවක් නොවීමත් මේ තත්වයන් තහවුරු වීම කෙරෙහි බලපා තිබු බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි. රජය යටතේ තිබු පුවත් නියොජිතායතනය වන ලංකා පුවත් සේවයද බංකොලොත් වී ඒ පහත් තත්වයට පත් වූයේ හිටපු ඇමැතිවරයාගේ හා නියොජ්‍ය ඇමතිවරයාගේ ප‍ටු තීන්දු තීරණ නිසා බවද ඔහු අවධාරණය කළේය.

මේ තත්වය මත රාජ්‍ය මාධ්‍යයන්හි සියලුම ප්‍රධානින් හා ඉහළ නිලධාරීන් ඉවත් කර වැඩ කළ හැකි පිරිසක් පත් කර නොගන්නෙ නම් මාධ්‍ය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතාව පත් කිරීමෙන් කිසිදු සාධනීය වෙනසක් සිදු නොවන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා මේ ආයතන ප්‍රධානින් ඉවත් නොකරන ලෙස නියොගයක් පනවා ඇත් නම් ඒ වහා ඉවත් කර ගැනීමට යුහුසුළු නොවුන හොත් ආණ්ඩුවට එරෙහිව කෙරෙහි වන අපකීර්තිය ඉවත් කර ගැනීමට නොහැකි වනු ඇත. කොහොම නමුත් යහපාලනය සම්බන්ධයෙන් කවරක් ජනාධිපතිවරයා ප්‍රකාශ කළද සාධනීය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික දැක්මක් හෝ නොමැති නම් ජනාධිපතිවයා මේ සිදු කරමින් පවතින්නේ රට යළිත් ආගධයක් කර දැක්වීම බව පැහැදිලිය. පටු දේශපාලන වුවමනාවන් පදනම් කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරනු ලැබු සංවර්ධන වැඩ පිලිවෙලට පවා අවසානයේදී අකුල් හෙලා ඒ අඩපණ කරනු ලැබුවෙ ජනාධිපති ප්‍රමුඛ ශ්‍රීලනීප කණ්ඩායම විසිනි. මේ අනුව ජනධිපතිවරයා කරමින් සිටින්නෙ ඓතිහාසික පවා දීමකි. ඓතිහාසික වැරැද්දකි.

මේ අනුව ගොත්‍රවාදී මහින්ද චින්තනයෙන් ගැලවීමට නොහැකිව සිටින ජනාධිපතිවරයා රට වළටම දක්වනු විනා වෙන කිසිවක් නොකරනු ඇත. කට මැත දෙඩවීම හැර ඔහුට ඔහු විසින්ම පවරා ගනු ලැබු විෂය සම්බන්ධයෙන්වන් රටේ සංවර්ධනයට අදාලව මෙතෙක් කිසිදු සාධනීය යමක් සිදු කර නොමැත. එසේ තිබියදී අනුන්ගේ අමාත්‍යංශ වලට අත පෙවීම හා වැරදි සෙවීම ( එයත් පත්තර වලිනි) පමණක් සිදු කරමින් තිබෙන බවට වන චෝදනාව බැහැර කළ නොහැක. ඔහු වටා සිටින මුග්ධ උපදේශකයන්ගේ තීන්දු තීරණ නිසා ඔහුගේ දේශපාලන දිවිය කළු පැල්ලමකින් අවසන් කර ගැනීම මිස වෙනකක් නොවන බවත් මේ වන විට පැහැදිලිය. මේ තවදුරටත් මේ මෙසේ සිදුවේ නම් මෛත්‍රීපාල ජනපති පු‍ටුවේ සිටින තුරු මෙ රටට කවර අන්දමේ හෝ යහපතක් වේ දැයි සැක සහිතය.

ගෝත්‍රවාදී ලෙස කල්පනා කරන නායකයන්ගෙන් රටට බලාපොරොත්තු විය හැකි කෙහෙම්මලක් නැත. දැන් රට සූදානම් විය යුත්තේ තවමත් හොල්මන් කරන  මහින්දගේ අවතාර පරාජය කිරීමටය.

මේ අනුව 2020 දී මෛත්‍රීපාල ප්‍රමුඛ ශ්‍රිලනිපය පරාජය කිරීම හැර එජාපය සතුව වෙන විකල්පයක් නොමැති බව මේ අනුව එජාප පාක්ෂිකයා කල්පනා කළද එහි වරදක් නොමැත. මේ වන විට වර්ධනය වෙමින් තිබෙන දේශපාලන තත්වයද එයය. අගමැති රනිල් වික්‍රමසිංහ ඒ තේරුම් ගෙන තිබෙන බවද පෙනෙන්ට තිබෙන අතර ඔහු ඒ අනුව නිහඬව කටයුතු කරමින්ද තිබෙන බවත් පෙනේ..

- සුජය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us