ජනපති තවත් විකාරයකට මුලපුරයි. රවීට ගයන්තට පැරණි විෂය පථයන් දෙයි

Published in පුවත්
Monday, 22 May 2017 20:07

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්‍ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්‍ය ආයතන ගනනාවක් නව අමාත්‍යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී හිටපු මුදල් ඇමැතිවරයා වන රවී කරුණානායක මහතා විදේශ අමාත්‍යංශයට පත් වූවද පෙර තමන් යටතේ තිබු ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොත‍රැයි මණ්ඩලය, ඇල්කඩුව ප්ලාන්ටේෂන්, ශ්‍රී ලංකන් එයාර් යන ආයතන තමන්ගේ විෂය පථයට එක් කර ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ සඳහා ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් දැන ගැනීමට ඇත. මාධ්‍ය ඇමැතිධුරයෙන් ඉඩම් ඇමැතිධුරයට මාරු කරනු ලැබූ ගයන්ත කරුණාතිලක මහතා චිත්‍රපට සංස්ථාව,රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය, තොරතුරු දැන ගැනීමේ කාර්යාලය තමන් යටත්ට පත් කරන ලෙස ජනාධිපතිවරයගෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සතුව ඇති සීමාසහිත ආයතන කිහිපයෙන් රවී කරුණානායක හා ගයන්ත කරුණාතිලක ඉල්ලා සිටින ආයතන කිහිපය ලබා දුන හොත් ඇමැති මංගල සමරවීර මහතාට ඉතුරු වන්නෙ මුදල් අමාත්‍යංශ ගොඩ නැගිල්ලට අමතරව ශ්‍රිලංකා රේගුව, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුව පමණි. කෙසේ නමුත් මෙම අලුත් තත්වයට සම්බන්ධයෙන් මේවන විටත් උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබෙන බව දැන ගැනීමට ඇත.

රජයේ ජේෂ්ඨ අමැතිවරයකුගෙන් අප කළ විමසීමෙදී දැන ගැනීමට ලැබුනේ රවී කරුණානායකට විදේශ ඇමතිධුරය ලබා දිමේදී පොරොන්දු ලෙස ඔහු ඉල්ලා සිටින ආයතන ලබා දීමට ජනාධිපති පොරොන්දු වී ඇති බවය. එසේම විදෙශ ඇමැතිධුරය මංගල සමරවීරගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබු දැඩි වුවමනාව මත ඒ ඔහුට මුදල් ඇමැතිධුරය ලබාදිම සිදු කෙරෙන බවත් ඒ වෙනුවෙන් සහය වී විදේශ ඇමැතිධුරය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා රවී කරුණානායකගෙන් ඉල්ලීමක් කළ බවටද කරුණානායක මේ වන විට සෙසු ඇමැතිවරුන් හා පවසමින් සිටින බවත් ඔහු පැවසුවේය.

ඒ කෙසේ නමුත් මීට පෙර අමැති මණ්ඩලය නම් කිරීමේදී හා එම විෂය පථයන් වෙන් කිරීමදී විකාර ‍රැසක් සිදුව තිබිනි. මහාමාර්ග හා උසස් අධයාපනය එක අමාත්‍යංශයක් යටතට පත් කිරීම සංස්කෘතික අමාත්‍යංශය යටතෙ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීම සංස්කෘතික අමාත්‍යංශය යටතට ආගමන හා විගමන දෙපාර්තමෙන්තුව පැවැරීම ඊට උදාහරණ කිහිපයකි.

මේ අනුව ජනධිපතිවරයා සිහි බුද්ධියෙන් යුතුව මේ ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වුවහොත් යළි ආණ්ඩුව විහිලුවක් වීම නොවැලක් විය හැකිය. එහි වගකීම මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් බාර ගත යුතුය. ඒ තත්වයන් හමුවේ නැවත් දැඩි තීන්දු ගන්නවා යැයි කියමින් රටේ ජනතාවට විහිලු සැපයීමට ඉදිරිපත් නොවන ලෙසත් අප අවධාරණය කරමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us