සිරිපාල, ඩියුටි ‍ෆ්‍රී සාප්පු ටෙන්ඩරය මිලියන් 500 ට ද දුන්නේ ? Featured

Published in පුවත්
Friday, 12 May 2017 14:56

ක‍ටුනායක , බණ්ඩාරනායක ජතයන්ත්‍ර ගුවන් තො‍ටුපොලෙහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙකම කැබිනට් මණ්ඩල නියෝග උල්ලංඝනය කරමින් ෆ්ලෙමින්ගෝ නම් ඉන්දීය සමාගමකට හා එහිම අනු සමාගමකට ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇත්තේ රුපියල් මිලියන 500ක සංතොසම් මුදලක් නිසා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

මෙහිදී ඉතා දැනුවත්ම ටෙන්ඩර් මගඩියක් සිදු කර තිබෙන බව අනාවරණය වෙමින් පවතී. මෙම ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මඟින්. එම ඇමැතිවරයා වන්නේ නිමල් සිරිපාලද සිල්වාය.

ගුවන්තො‍ටුපොල පරිශ්‍රයේ පිහිටා ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙක (space 1/2) සඳහාම එකවර ටෙන්ඩර් කැඳවීම මුලින් සිදු කර තිබුණත් එවර ඉතා සටකපට ලෙස ටෙන්ඩර් කොන්දේසී වෙනස් කරමින් හා අදාල ඉන්දීය සමාගම හා අවබොධයකින් යුතුව ටෙන්ඩරය සම්බන්ධයෙන් කටයුතු කිරීමත් සිදුව තිබෙන බවට තොරතුරු අණාවරණය වෙමින් තිබේ.


කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු දෙක බදු දීම සඳහා වන ටෙන්ඩරය ප්‍රසිද්ධ කරන්නේ 2016 මැයි මස 08 වන දිනය. ඒ සඳහා සමාගම් 6ක් ඉදිරිපත්ව තිබුණි. එහෙත් එම ටෙන්ඩරය සඳහා ලංසු තබා තිබුණේ සමාගම් 5ක් පමණක් වූ අතර එක් සමාගමක් වූ හොංකොන් හී DFS සමාගම අදාළ ටෙන්ඩරයට ලංසු තබා තිබුණේ නැත. ඒ වෙනුවට එම සමාගම ටෙන්ඩර් මණ්ඩලයට දැනුම්දී තිබුණේ තමන් ටෙන්ඩරයට විරෝධය පෑම සඳහා ඉදිරිපත් වූ බවය.

ඉදිරිපත් වූ ලංසු මාස 07 ක් තිස්සේ  ළඟ තබාගත් ටෙන්ඩර් තාක්ෂණික කමිටුව, 2017 මාර්තු මාසයේ දී ගුවන් තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම  , ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ටෙන්ඩරයේ අංක 1 කොටස පමණක්  වැඩිම ලංසු තබා තිබු ෆ්ලෙමින්ගෝ ඉන්දියානු සමාගමට තීරණය කරනු ලැබුවේය. 


අදාළ ටෙන්ඩරය වෙනුවෙන් දෙවන වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබුණේ එතෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීරණයේ 1 කොටස බදු ගෙන සිටි ස්විට්සර්ලන්තයේ වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී ( world duty free /WDF ) සමාගමය. ටෙන්ඩර් කොන්දේසි අනුව දෙවන වැඩිම ලංසුව තබා තිබු WDF සමාගමට තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ දෙවන කොටස (space 2) ලබාදිය යුතු වුවද එම සමාගම ටෙන්ඩරයට ඉදිරිපත් වූ ආකාරයේ තාක්ෂණික දෝෂ ඇති බව දක්වමින් එම සමාගම ටෙන්ඩරයෙන් ඉවත් කරනු ලැබිණ. ඒ විවාදා සම්පන්නය. මෙම WDF සමාගම රටවල් 62ක තීරුබදු රහිත වෙළඳාමේ නිරත ලොව අංක එකේ සමාගමය. එහෙත් තම සමාගමට ටෙන්ඩරයේ දෙවන කොටස ලබා නොදීමේ තීරණයට අභියෝග කරන WDF සමාගම ඒ සම්බන්ධව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකරන අතර එය තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.


ඉහත ටෙන්ඩරය වෙනුවෙන් තුන්වන වැඩිම ලංසුව තැබූ සමාගම වන්නේ B&S නම් නෙදර්ලන්ත සමගමය. එම සමාගම ටෙන්ඩර් කොන්දේසි සැපිරීමට අසමත් බව දන්වා ටෙන්ඩර් මණ්ඩලය ඔවුන්ව ටෙන්ඩරයෙන් ඉවත් කළ අතර ඉන් පසුව අදාළ ටෙන්ඩරය වෙනුවෙන් හතරවන වැඩිම ලංසුව තබා සිටි shila නම් කොරියානු සමාගම ටෙන්ඩරයේ දෙවන ස්ථානයට පත්විය.

නියමිත ආකාරයට නම් එම ටෙන්ඩරයේ space 2 කොටස එම සමාගමට හිමිවිය යුතුව තිබුණත් එහිදී වගකිව යුත්තන් නව කොන්දේසියක් මෙම සමාගමට ඉදිරිපත් කළේය. එනම් space 2 කොටස shila සමාගමට බදු දීමට නම් ෆ්ලෙමින්ගෝ සමාගම ඉදිරිපත් කර ඇති  40% හි ලන්සුවම ලබාදිය යුතු බවය. ටෙන්ඩර් දැන්වීමෙහි සඳහන් නොවූ නව කොන්දීසි පසුව හඳුන්වාදීම හේතුවෙන් ඊට විරෝධය දක්වා shila සමාගම බලධාරීන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවීම පවා  අත්හැර දැමුවේ යහපාලනයේ තරම දැනගෙනය.

මිට පෙර යහපාලන ආණඩුවේ විවාදාත්මක ගනු දෙනු ලෙස ප්‍රකට වූ ගල් අඟුරු ටෙන්ඩරද සහ පෞද්ගලික ඩීසල් බලාගාර මඟින් විදුලිය ලබා ගැනීමේ ටෙන්ඩරයද මෙලෙසම ටෙන්ඩර් කොන්දෙසී වෙනස් කිරීම හා ‍තෝර ගත් ටෙන්ඩර්කරුවා හා අවබොධයකින් යුතුව එම ගනු දෙනු සිදු කර තිබුණු බව පැහැදිලිවම පෙනෙනට තිබිණි.


කෙසේ වුවත් shila සමාගමට පිලිගත නොහැකි අසාධාරන කොන්දෙසී දමා එම සමාගම එලවා ගැනීමට හැකිවෙම නිසා දෙවන සාප්පුව වෙනුවෙන් යළි ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලදී. ඒ අනුව 2017 මාර්තු 4 වනදා එය ප්‍රසිද්ධ කෙරිණ. කොටස් දෙකකින් සමන්විතව එකට ඉදිරිපත් කළ ටෙන්ඩරයක එක් කොටසක් වලංගු කර තවත් කොටසක් අවලංගු කිරීම වැරැදි සහගත ක්‍රියාවලියක් වන අතර නිවැරදි ක්‍රමවේදය විය යුතුව තිබුනේ සමස්ත ටෙන්ඩරයම අවලංගු කර යළි සාප්පු දෙක සඳහාම ටෙන්ඩර් කැඳවීමය. එහෙත් දෙවන ටෙන්ඩරය ප්‍රකාශය පත් කළේ අසාධාරණ සහ විහිළු සහගත කොන්දේසි සහිතවය.

space 1 සහ space 2 ඇතුලත් පළමු ටෙන්ඩරයේ අවම ලංසුව සඳහන්ව තිබුණේ (ආදායමින්) 25%ක් ලෙස වුවත් පසුව space 2 සඳහා ඉදිරිපත් කරන ටෙන්ඩරයේ එම අවම ලංසුව සඳහන් වන්නේ 40% ක් ලෙසය. සියයට් 40 ක අධි වටිනාකම මෙම ටෙන්ඩරයට ඇතුලු වූයේ මුල් ටෙන්ඩරය සඳහා ෆ්ලෙමින්ගො සමාගම ඉදිරිපත් කරන ලද ලංසුව අනුවය.

එහෙත් ප්‍රායොගික සත්‍යය  නම් මෙම සාප්පු සංකීර්ණ දෙකෙන් පලමු කොටස තුල වැඩි ආදායමක් ලැබිය හැකි වීමය. ඒ ගුවන් මඟීන්ට වැඩි වශයෙන් විවෘත වන ස්ථානයක පිහිටා තිබේ. එමෙන්ම ඒ අවකාශ්යද විශාලය. ඒ අනුව පළමු කොටසේ ෆ්ලෙමින්ගො ලන්සුවම රජයේ ලංසුව බවට පත් කර ගනිමින් මේ ඉදිරිපත් කිරීම ආසාධාරණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද මේ වෙනුවෙන් ඉදිරිපත් වන ලංසුව අනිවාර්යෙන්ම 40% ඉක්මවීම සිදුවන නිසාය. එහෙත් මෙහිදී සිදු වූයේ වෙන මගඩියකි. ඒ මෙම දෙවන කොටසද ෆ්ලෙමින්ගෝ සමාගම වෙත ලබා දීම සඳහා කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව එළියට පැන්නේ DFS සමාගම දෙවන ටෙන්ඩරයට ඉදිරිපත් වීම නිසාය.

දෙවන ටෙන්ඩරය 2017 මාර්තු 4 වනදා ප්‍රකාශයට පත්කළ අතර මෙම නව ටෙන්ඩරය සඳහා ලංසු තබා තිබුණේ ස්විට්සර්ලන්තයේ වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී (WDF)සමාගම , B&S සමාගම සමඟ ඒකාබද්ධව DFS ඉන්දියා සමාගම යන සමාගම් දෙක මෙම ලංසු තැබීම සිදුකර තිබිණි.

ඉහත සඳහන් ආකාරයට DFS සමාගම යනු තීරුබදු වෙළඳ සංකීර්ණ බදු දීමේ පළමු ටෙන්ඩරයට ලංසු නොතබා විරෝධතාව පලකිරීම සඳහා යන පදනමින් තමන් ඉදිරිපත් වූ බව සඳහන් කළ සමාගමය.

පළමු වර ටෙන්ඩරයට DFS සමාගම සිය විරෝධයේ පදනම කිසිම අවස්ථාවක සඳහන් කර කළේ නැත. ඒ ඇයිද යන්න ගැන ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් ප්‍රශ්න කළේද නැත. ඒ සිදුවෙමින් පවතින සෙල්ලම ගැන අවබොධය අනුව මිස කම්මැලි කමකට නොවන බව මේ වන විට හෙළි වන සත්‍යයය.


මෙහිදී උපකල්පනය කළ හැකි දේ නම් පළමු අවස්ථා වේ දී DFS හී විරෝධයේ පදනම වුයේ යම් ලෙසකින් ෆ්ලෙමින්ගෝ හැර වෙනත් සමාගමකට පළමු ටෙන්ඩරයේ space 1 හිමිවුවා නම් විරෝධතා දක්වා එම අවස්ථාව කඩාකප්පල් කිරීමය.

එමෙන්ම පළමු ටෙන්ඩරයේ දී කොන්දේසි සැපිරීමට අසමත් බවට නම් කෙරුණ B&S සමාගම සමඟ එකතුව දෙවන ටෙන්ඩරය DFS විසින් ඉදිරිපත් කිරීම ද සැක සහිත ගනුදෙනුවකි.

මේ මගඩිය වඩා හොඳින් හෙළිවන්නේ මෙම DFSසමාගම යනු කුමක්ද යන්න ගැන සොයා බැලීමේදීය

DFS ඉන්දීය සමාගම 2007 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාව තුළ පිහිටුවන්නේ හවුල් ව්‍යාපාරයක් ලෙසින්ය. ඒ එහි කොටස් වලින් 51% ක් DFS සිංගප්පුරු සමාගමට සහ කොටස් 49%ක් ෆ්ලෙමින්ගෝ සමාගමට අයත් වන ලෙසය. එසේ අරඹන මෙම හවුල් සමාගම (DFS) 2008 වසරේ සිට ඉන්දියාවේ මුම්බායි හී ව්‍යාපාර කටයුතු වල යෙදිනි.

පසුව DFS සිංගප්පුරු සමාගමේ 51%ක කොටස් අයිතිය ෆ්ලෙමින්ගෝ සමාගම විසින් මිලදී ගෙන ඇත. ඒ අනුව 2017 පෙබරවාරි මාස 27 වනදා සිට DFS ඉන්දීය සමාගම ෆ්ලෙමින්ගෝ සමාගමේ අනු සමාගමක් බවට පත්විය. ඒ අනුව පළමු හා දෙවන වර ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ DFS සමාගම යනු ෆ්ලෙමින්ගෝ සමාගමේම අවතාරයක් බව පැහැදිලිය.


මේ අනුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ෆ්ලෙමින්ගෝ සමාගම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ space 1 අයත් විම මත ඊට අනුබද්ධ DFS ඉන්දීය සමාගමට space 2 සඳහා වන ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ නොහැක. මන්ද මෙම සාප්පු දෙක එකම සමාගමකට නොදිය යුතු බවට කැබිනට් මණ්ඩල නියෝගයක් ඇති බැවිනි. එමෙන්ම මෙමඟින් ගුවන්තොටුපලේ තීරු බදු රහිත වෙළඳාමේ ඒකාධිකාරිය ෆ්ලෙමින්ගෝ සමාගම වෙත පැවරීම සිදුවේ.

අවසන් වශයෙන් කිව යුත්තේ , අප වෙත ඇති තොරතුරු අනුව මේ මගඩිය සිදුව ඇත්තේ රුපියල් මිලියන 500ක අත යට ගනුදෙනුවකටය. එතරම් මුදල් සං‍තෝෂම් වශයෙන් මෙරට බලධාරීන්ට ලබා දුන්නාට එම සමාගමට පාඩු නැත. මන්ද එතරම්ම ආදායමක් මෙම තීරු බඩු සාප්පු දෙකෙන් උපයා ගත හැකි බැවින් නිසා පමණක් නොව මෙම ෆ්ලෙමින්ගෝ සමාගම තවත් කූට ගනුදෙනු වලට දක්ෂතා දක්වා ඇති සමාගමක් වීම නිසාය. අප එසේ කියන්නේ කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවිය සහ ලංකාවට ආනයනය කළ භාණ්ඩ නීති විරෝධී අයුරින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් ෆ්ලෙමින්ගෝ සමාගමට එරෙහිව රේගු පරීක්ෂණ සිදුවෙමින් තිබෙන නිසාය. ඒ බව හෝ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා නොදන්නවා විය ද නොහැකිය. ඔහු එතරම්ම නිද්‍රාශීලී ඇමැතිවරයකු වන්නට නොහැක.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us