රවීගේ නගරං මට්‍ටු කරන්න විනිමය වංචා නඩුව යළි කරළියට.. Featured

Published in පුවත්
Friday, 12 May 2017 11:43

විනිමය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධි චෝදනා 10ක් යටතේ පවරා තිබූ නඩුවෙන් විත්තිකාර මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය 2015 වසරේ මැයි මාසයේදී කොළඹ මහාධිකරණ තීරණය කළද එම නඩු තීන්දුව ලබා දුන්නේ චෝදනා ගොනු කිරීමදී නීතිපතිවරයා වෙතින් සිදුව තිබූ තාක්ෂණික දෝශ පදනම් කරගෙන වීමත් යළි නීතිපතිවරයාට චෝදනා නිසි ලෙස සංස්ථාපනය කර ඉදිරිපත් කිරීමට හිමිකමක් ඇති බව සඳහන් කරමිනි.

එහෙත් එම වරදහි ස්වභාවය එලෙසම පැවැතීම පදනම් කරගෙන මේ දක්වා නීතිපතිවරයා එම චෝදනා නිවැරදි කර එම නඩුව යළි ගොනු කිරීමක් සිදුකර නොමැත. මේ අනුව නිතිපතිවරයාට එරෙහිව 'මැන්ඩාමුස් රිට් ආඥාවක්' ඉල්ලා සිටීමට අවස්ථවක් තිබෙන අතර මේ වන විට ඒ සඳහා ශ්‍රීලනීපයේ හා එජාපයේ ඉහළ සම්බන්ධතා හා අනුදැනුම ඇතිව නීතිඥ කණ්ඩායමක් මේ වෙනුවෙන් වෙහෙසෙමින් සිටින බව දැන ගැනීමට ඇත.

රවී කරුණානායක මහතාට එරෙහිව වන මෙම චෝදනා අනුව මේ ඉතා බරපතල මුල්‍ය වංචාවක් වන අතර මේ ඔප්පු කළ හැකි වුවහොත් විනිමය පාලන අඥා පනත ප්‍රකාරව දැඩි දඬුවම් හිමිවනුද ඇත.


රවීගේ තර්ජන

කෙසේ නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට එකඟතාවයක සිටියද රවී කරුණානායක මහතා සිය මුදල් ඇමැතිධුරයෙන් ඉවත් නොවන බවට ඔවුන් දෙපලට එල්ල කරන තර්ජනයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් මෙම නඩුව යළි කරලියට ගැනීම සිදුවනු ඇති බවය.

මුල්‍ය වංචාව

මෙම විනිමය වංචා සිද්ධියට පදනම් වූයේ 2006 දෙසැම්බර් 22 වැනිදා අනේවාසික පදිංචිකරුවකු වන ගැලිසන් ඉන්ටර්නැෂනල් හයිඩ් සහ සමාගම විසින් ගැලිසන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ෆන්ඩ් ආයතනය වෙත එවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන එකක මුදලක් සහ 2007 ජනවාරි 03 වැනිදා අනේවාසික පදිංචිකරුවකු වන රාජ් රාජරත්නම් නමැත්තා විසින් එවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව පෞද්ගලික බැංකුවක රඳවා තබා ගැනීම, ඊට ආධාර අනුබල දීමය. මේ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි. විත්තිකරුවන් තිදෙනා වූයේ රවි කරුණානායක, ලින්කන් පියසේන සහ නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ස් සමාගමය.

කෙසේ නමුත් මෙම චෝදනා ඉදිරිපත් කිරීමේදී අදාල මුදල් මෙරටට ලැබීමේ දින සම්බන්ධයෙන් දෝශයන් පැවැති අතර 2006 දෙසැම්බර් 22 වන දින මෙරටට එවන ලද බවට චෝදනා කරන ලද මුදල් කිරුලපන ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි තැන්පව තිබුණේ දෙසැම්බර් 27 වන දාතමිනි. 2007 ජනවාරි 03 වන දින මෙරටට එවන ලද බවට චෝදනා කරන ලබන මුදල් එම බැංකු ගිණුමෙහි තැන්පත්ව තිබුනේ ජනවාරි 12 වන දාතමිනි. චෝදනා පත්‍රය තුල සඳහන් වූ දින එම මුදල් මෙරටට ලැබුනු දිනය ද බැංකුවේ තැන්පත් කළ දිනය ද යන්න නිශ්චිතව සටහන්ව නොතිබීමේ දෝශය පැවැතිනි.

එමෙන්ම විනිමය පාලන ආඥා පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේදි එක් එක චෝදනා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු නමුත් එක් චෝදනාවක් තුල එකවර චෝදනා දෙකකට වඩා ඇතුලත්ව තිබීමේ දෝශයද මෙම චූදිතයන් නිදහස් කිරීම කෙරෙහි බලපා තිබිණි. මන්ද ඒ විනිමය පාලන ආඥා පනතේ කිසිදු වගන්තියක එලෙස චෝදනාවක් සඳහන්ව නැති බවට විත්තිකාර පාර්ශ්වයෙන් නැගුනු තර්කය අනුවය.

මෙවැනි දෝශ බහුලව සියලු චෝදනාවන් හී අඩංගුව තිබිණි. එහෙත් එම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් නිදහස් කිරීම අධිකරණය විසින් සිදුකළද වරදෙහි ස්වභාවය එලෙසම පවතී.


නීතිපතිවරයාට මෙවැනි අවස්ථාවක අවශ්‍ය නම් අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන නැවත සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කළ හැකියාව පැවැතියත් එම අවස්ථාවේදී නීතිපතිවරයා එවැනි ඉල්ලීමක් සිදු කර නොතිබිණි. ඒ ඒවන විට යහපාලන රජය බලයට පත්වී රවී කරුණානායක මහතා මුදල් ඇමැතිධුරයට පත් වීමත් සමඟ දේශපාලන බලයේ ‍රැස් විහිදුවන්නට ආරම්බ කිරීම නිසා සිදු වූවක් ද යන්න දන්නෙ නීතිපතිවරයාය.


රාජ් රාජරත්නම්


ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධානී, ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ දෙමළ ජාතික රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කොට ධනය රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය 2011 වසරේ තීරණය කල අතර වෝල් ස්ටී‍්‍රට්හි ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරු වූ වඩාත්ම කුප‍්‍රසිද්ධ පුද්ගලයා ඔහුය.

රාජ් රාජරත්නම්” වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ගජ මිතුරෙකි. වත්මන් මහ බැංකු අධිපති ලෙස පත්වු ඉන්ද්‍රජිත් කුමරස්වාමි, රාජ් රාජරත්නම් ගේ ගැලියන් නැමති සමාගමේ උපදේශකයකු ලෙස කටයුතු කළ අයෙකි.

rawee 2rawee 1

.

Last modified on Friday, 12 May 2017 12:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us