මිනීමරුවාට වඩා පොන්නයා ගෞරවනීයයි !මංගල කෙළින් කතාකරයි !! ( වීඩියෝ)

Published in පුවත්
Saturday, 06 May 2017 10:19

මංගල සමරවීර සහ ජාතික නිදහස් පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළ ඊයේ (05) වාග් සංග්‍රාමයක් ඇවිළී තිබේ. එහිදී, මංගල සමරවීර විසින් `තක්කඩියා` යන වචනය භාවිත කරන ලදී. එය ඇසුනු විගස ඊට ප්‍රතිචාර ලෙස මංගල සමරවීරට දමා ගැසුණේ `පොන්නයා` යන වචනයෙනි. දිගින් දිගටම `පොන්නයා` යනුවෙන් තමන්ව අපහාසයට ලක්කරන විට, මංගල සමරවීර කියා සිටියේ, හොරෙක් මිනීමරුවෙක් වනවාට වඩා පොන්නයෙක් වීම ගෞරවනීය බවයි.

`තක්කඩියා` යන වචනය කෛරාටිකයන් ගේම් කාරයන් වංචාකරුවන් හැඳින්වීම සඳහා සමාජය යොදාගනී. එහෙත් ගැටළුව වන්නේ `තක්කඩියා` යන වචනයෙන් කිසියම් ජන ප්‍රජාවකට අපහාසයක් සිදු නොවුවත්, `පොන්නයා` යනුවෙන් වැහැරීමේදී, ස්ත්‍රී පුරුෂ ද්විලක්ෂණයම අත්පත්කරගත් නපුංසක ජන ප්‍රජාවට අපහාසයක් සිදුවෙයි. ඒ, ඔවුන් හැඳින්වීම සඳහා එම වචනය චිරාත් කාලයක් තිස්සේ යොදාගන්නා නිසාය.

මංගල සමරවීර සමරිසි ආකල්ප ඇති අයෙක් බව නොදන්නේ කවුද ? එහෙත් බොහෝ අය නොදන්නා දෙය වනුයේ සමරිසි සහ නපුංසක යනු වෙනස් ආකල්ප සහිත, වෙනස් ජීව විද්‍යාත්මක තත්වයන් ඇති දෙවර්ගයක ජන ප්‍රජාවන් බවයි.

ඒ කෙසේ වෙතත්, මංගල සමරවීරට `පොන්නයා` යනුවෙන් අමතන අය, ව්‍යංගයෙන්, මංගල සමරවීරගේ සමරිසිභාවය ගැන ඉඟි කරන බව පැහැදිලිය. ඔවුනට අනුව, සියලු සම රිසියෝ පොන්නයෝය. සියලු පොන්නයෝ ගර්හිතයෝය. ඔවුන් අත්‍යන්තයෙන්ම ගර්හාවට අපහාසයට පෑගීමට ලක්විය යුතු යැයි අපහාස කරන්නෝ සිතති.

ඒ කතාව මොහොතක් පසෙකින් තබමු. `පොන්නයා` යන වචනය, කොන්ද පණ නැති, තීන්දු තීරණ ගැනීමට ලතවෙන, කෙළින් කතා නොකරන, එකක් පෙන්වමින් තව එකක් කරන, එළියේ සිංහනාද කරමින් ඇතුළේ ඇඹරෙමින් ඩීල් දාන, තමන් කළ දේ ගැන කෙළින් පෙනී නොසිටින උදවිය සඳහා ද ඇතැම්විට යොදාගනී. ඒ අනුව අපට ප්‍රශ්න ගණනාවක් මතුවෙයි. එයින් කීපයක් මෙසේය.

තමන්ගේ පාලන කාලයේ විවිධ දූෂණ භීෂණ ක්‍රියා කර, තම පාක්ෂිකයන් ඉදිරියේ දිගටම බොරු වීරයෙක් වෙමින්, ඊළඟ ආණ්ඩුවේ නායකයන් සමග යටින් ඩීල් දාන පුද්ගලයා පොන්නයෙක් නොවේද ?

තමන්ගේ පුතාලා කරන ලද මිනීමැරුම් ඇස් පනාපිට ඔප්පු වන්නට යන විට, ඔවුන් ගසා කෑ, සොරකම් කළ, යටිමඩි ගැසූ කෝටි ප්‍රකෝටි ගණනක මුදල් කන්දරාව හෙළිදරව් වී හිරේ වැටෙන්නට යන විට ``අනේ කවුරු ඇතුළට ගත්තත් ඔවුන්ව නම් ගන්නෙපා`` කියන්නේ පොන්නයෙක් නොවේද ?

තමන් කෝටි ගණන් වැයකර මහා මන්දිර තනා, ඒ මන්දිරවලට තම බිරිඳ ලවා මුල්ගල් තබා, ආණ්ඩුව පෙරළෙන විට ඒ මන්දිරය වෙන කෙනෙක්ගේ යනුවෙන් හැඟවෙන්නට ලියකියවිලි හදා, මන්දිරය රාජ සන්තක වන්නට දී ෂේප් වෙන කෙනා පොන්නයෙක් නොවේද ?

මහා දේශපාලනයේ එවැනි ශිෂ්ට ප්‍රශ්න ගණනාවක් කෙනෙකුට ඇසිය හැකිය. ක්ෂුද්‍ර දේශපාලනයේදී මෙවැනි අශිෂ්ට ප්‍රශ්නද යමෙකුට ඇසිය හැකිය.

තමන් රිමාන්ඩ් වූ විට, නඩුව අහනකම්වත් රිමාන්ඩ් වී ඉන්නට බැරුව, උපවාස කර, බොරු සීයක් කියා තග දමා එළියට පැන, ඇම්බියුලන්ස් එක ළඟ තබාගෙන මාධ්‍ය වලට පොර ටෝක් දෙන අතරතුරේ, තමන්ගේ බිරිඳට පාරේ යන උන් ජැක් ගසන ගසන තත්වයට වැටුණු පුද්ගලයා පොන්නයෙක් නොවේද ?

මේ ප්‍රශ්න අපි නොඅසමු. එහෙත් ඒවා යමෙකුට ඇසිය හැකි ඒවාය. අප කියන්නේ එම පුද්ගලයන්ට පවා `පොන්නයා` යනුවෙන් අපහාස නොකළ යුතු බවය. ඔවුන් සඳහාද වෙනත් වචනයක් සොයා ගත යුතුය. එහෙමත් නැත්නම් මේ දෙබිඩි කැත දේශපාලනඥයන්ට එම වචනය සින්නක්කරවම පවරා දී නපුංසක ජනයා හිත හදා ගත යුතුය.

කෙසේ වෙතත් මංගල සමරවීරගේ නිර්භීත ප්‍රකාශයෙන් ඇරඹෙන මේ සංවාදය අතිශය වැදගත්ය. ඔව්, අපි කතා කරමු !

විවාදයට අදාළ කතානායක විසින් සංශෝධන නොකළ වීඩියෝව මෙතැනින්

වීඩියෝව

https://vimeo.com/216264018

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us