තරුණ සේවා සභාපතිගේ යූත් ටැලන්ට් එක මිනී මැරීම ද?

Published in පුවත්
Wednesday, 03 May 2017 14:21

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා gossip99 වෙබ් අඩවියේ කතුවරයාට මරණීය තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව අප ඇමතූ gossip99 වෙබ් අඩවියේ කතුවරයා සඳහන් කර සිටියේ පසුගිය මැයි 01 වනදා කොළඹ කැම්බල් පිටියේ පැවති මැයි සමරුව අවස්තාවේදී තවත් පිරිසක් සමඟ පැමිණි තරුණසේවා සභාවේ සභාපතිවරයා තමන්ව මරා දමන බවට තර්ජනය කළ බවත් එසේ සභාපතිවරයා තමා ඇතුළු වෙබ් අඩවිය සමඟ විරසකව සිටින්නේ 2015 නොවැම්බර් 29 දින ජාතික තරුණ සේවා සභාව සම්බන්ධව සිදුකල හෙළිදරව්වක් නිසා බවත්ය.

මේ පිළිබඳව Gossip99 වාර්තාව පහතින්,

යොවුන් පාර්ලිමේන්තු
මැතිවරණයේ අක්‍රමිකතා.
සභාපති නීතීඥ එරන්දික වැලියන්ගෙදර
නීතියට පිටුපායිද?

යොවුන් පාර්ලිමේන්තු මැතිවරනයේ
ගැටළු සම්බන්ධයෙන්
සභාපති නීතිඥ එරන්දික
පිළිතුරැ දේ

“පාලකයන්ට බලය ඇතිවිට මොලය නැතිවෙනවා - මොලය ඇති විට බලය නැතිවෙනවා” ..දේශපාලනය කරන උදවියගේ මොලය සම්බන්ධව හෝ ඒ ඇතුළත් කපාටයේ වර්ග පරිමාව මනින්නට අපට අවශ්‍ය නැත. ඇත්තටම ඔය මහ මොළ වලට පිං සිදුවෙන්න මේ වන විට රට පත්ව ඇති තැන ඉතා පැහැදිළිය.

ඒ පසුබිමේ උගත් බුද්ධිමත් තරුණ නායකයකු ලෙස හෙට දවසේ දේශපාලන ගමනක් යන්නට සිටින මහත්වරු රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු වූ විගස මේ තරමට චණ්ඩි වෙනවා නම් රටට කෙසේ වෙතත් ඒ මහත්වරුන්ගේ දේශපාලන අනාගතයට එතරම් සුබ දායක නොවන බව කිවයුතුය.

අනෙක් අතට කිසියම් මාධ්‍යක් හරහා තමන් සම්බන්ධ පුවතක් පළකර ඇත් නම් සහ එය දෝෂ සහිත නම් සිදුකල යුතුව ඇත්තේ අදාළ පුවතේ දෝෂය පෙන්වාදී එය නිවැරදි කරන ලෙස දක්වන පිළිතුරක් යැවීමය. එසේත් නැතිනම් අදාළ ආයතනය සම්බන්ධව නියමිත ආයතන වෙත ඒ සම්බන්ධව දැනුම්දීමය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් තුළ මාධ්‍ය සමඟ ගනුදෙනු කරන ලිබරල් මහත්මා ගතිය එසේය. ඒ හැර දමන හැම සෙල්ලමක්ම අපට අනුව නම් අන්ත පසුගාමී බලවියරුය.

මහත්වරුණි, ඒ බල වියරුවට වෙබ් මාධ්‍යවේදීන් බයනම් තවමත් අප්පොචිචි බලයේය.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us