දැදුරු ඔය වනසන ජිෆී, කෘෂි ලේකම්වත් බිල්ලට අරගෙන, ජනපති නියමයෙන් පරීක්ෂණයක් !

Published in පුවත්
Tuesday, 22 December 2015 18:06

පොල් කෙඳි සෝදා පිරිසිදු කිරීම සඳහා ජිෆී කර්මාන්තායතනය යොදා ගන්න කැල්සියම් නයිට්‍රේට් මිශ්‍ර අප ජලය දැදුරු ඔයට පිරිසිදු කිරීමකින් තොරව මුදා හැරීම නිසා පොහොර මහ ලේකම් කාර්යාලය එම ආයතනයට එම රසායන ද්‍රව්‍ය ලබා ගැනීමේ බලපත්‍රය පසුගියදා අත් හිටවනු ලැබීය.

මෙම ජිෆී කර්මාන්තායතනය දේශපාලන බලය හා රජයේ නිළධාරීන්ට වරදාන වරප්‍රසාද ලබා දෙමින් මෙම පරිසර විරෝධී කර්මාන්තය පවත්වාගෙන යන බව දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පොහොර මහ ලේකම් කාර්යාලයේ අනුමැතිය ලැබීමකින් තොරව යෝදා ගත නොහැකි කැල්සියම් නයිට්‍රේට් සම්බන්ධයෙන් එල්ල වන මෙම චෝදනාව නිසා මීට මාස කිහිපයකට පෙර මෙම ආයතය පරික්ෂා කිරීම සඳහා එම ආයතනයේ නිළධාරීන් ගිය විට ඔවුන්ව තර්ජනය කර එලවා දැමිම සිදු කර ඇත. පසුව ඔවුන් මධ්‍යම පරිසර අධිකාරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ නමුත් එම නිළධාරීන්ටද ආයතනය පරික්ෂා කිරීමට ඉඩ දී තිබුණේ නැත. ඉන් අනතුරුව කැල්සියම් නයිට්‍රේට් බලපත්‍රය අත් හි‍ටුවනු ලැබීය.

ඉන් පසුව මෙම ආයතනය රජයේ නිළධාරීන් සමඟ ගනුදෙනු කරන සුපුරුදු ක්‍රමයට කෘෂිකර්ම අමාත්‍යංශයෙයේ ලේකම් හා හිතවත්ව අදාල බලපත්‍රය සඳහා අනුමැතිය ලබා ගෙන තිබෙන බව දැන ගැනීමට තිබේ.

කෘෂි කර්ම අමැතිවරයා වන දුමින්ද දිසානායක බාල පොහොර හා බාල කෘෂි රසායන වලට එරෙහිව මාධ්‍ය සංදර්ශන පවත්වමින් යන අතරේ ඔහුගේ ලේකම්වරයා විසින් මේ විෂ රසායන බාවිතා කිරීමට ජි‍ෆි ආයතනයට අවසර ලබා දීම සිදුව තිබේ.

කෙසේ නමුත් අද දහවල් ජනධිපතිවරයා විසින් පරිසර වේදීන් කැඳවා මෙම ආයතනය විසින් සිදු කරමින් පවතින විනාශය ගැන කරුණු විමසා ඇති බව දැන ගැනිමට තිබේ, එහිදී ජිෆී ආයතනයෙන් යැපෙන වයඹ පරිසර අධිකාරියේ දුෂිත නිළධාරීන් ගැනද අනාවරණය කිරීමට පරිසරවේදීන් කටයුතු කර තිබෙන අතර. මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිළධාරීන්ද එම තත්වයන් පිළිගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගැනිමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට පොරොන්දු වී ඇත. එමෙන්ම විල්පත්තු වරාය නගර හා සොරගුණේ ගොල්ෆ් පිටිය හා තවත් පරිසර ගැටලු පිළිබඳව පරිසරවේදීන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us