ගෝඨව අත්අඩංගුවට ගන්න කතාව චම්පිකගේ ඇඩ් එකක් ලු.

Published in පුවත්
Tuesday, 01 December 2015 10:57

ඇවන්ගාඩ් සිදු වීමට අදාලව ඊයේ දිනයේ සිට සමාජ ජාලාවලත් අද ලංකාදීපය ඇතුළු පුවත්පත් කිහිපයකත් පලව ඇති පුවත ඇමැති චම්පික රණවක මහතා විසින් පිරිවැයක් දරමින් සිදු කළ මෙහෙයුමක් බව අනාවරණය වේ. මෙම පුවත අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්න්ත නවරත්න බණ්ඩාර මහතා විසින් ඇවන් ගාඩ් සිදුවීමට අදාලව ගොඨාබය රජපක්ෂ, ඇවන් ගාඩ් සභාපති ඇතුළු තවත් තිදෙනකු අත් අඩංගුවට ගත යුතු බව පවසා ඇත. එහෙත් මෙම පුවත අලුත් පුවතක් නොවේ.

වසන්ත නවරත්න මහතා විසින් ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මසයේදී නීතිපතිවරයාට ලබා දුන් වාර්තාව එම දිනවලම මාධ්‍යයට අනාවරණය වූ අතර  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ද හෙළි කරන ලද්දකි.

එහෙත් මේ හදිස්සියේම පිළුණු පුවත මාධ්‍යය කිහිපයකම නැවත පළවීම සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී දැන ගනට ලැබුණේ ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් කළ මෙහෙයුමක් බවය. ඇමැතිවරයා ,මෙම පුවත් ලංකාදිපයේ පල කර දෙන මෙන් දේශය පුවත්පතේ කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ මහතාට ලබා දී තිබේ. එහෙත් මේ පරණ පුවතක් බවත් එම වාර්තාවට පසුව තව බොහෝ දේ සිදුව ඇති බවත් කියමින් ඔහු ඒ ප්‍රතික්ෂේප කර ඇත. පසුව ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් මෙම පුවත සමාජ ජාලාවලට හා අනෙක් මාධ්‍ය ආයතන වලට යොමු කර ඇත. අද දින ලංකාදීප පුවත් පතෙහි මුල් පිටුවෙහි මෙම පුවත පළ වන්නේ ගනුදෙනුවක ප්‍රතිපළයක් ලෙසය.


ඇවන් ගාර්ඩ් සිදුවීම අරබයා ඇමැති චම්පික රණවක මහතාද එම හිමිකරුගෙන් මුදල් ලබා ගත් බව එම සමාගමේ හිමිකරු සත්හඬ පුවත් පතට පසුගියදා හෙළිකර තිබිණි. අපට ලැබී තිබෙන තොරතුරු අනුව ඇවන්ගාඩ් හිමිකරු තමුන්ගෙන් මුදල් ලබා ගත් ඇමැතිවරුන් ගැන තවත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ඉදිරියේදී හෙළි කිරීමේ සූදානමක සිටී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us