මෛත්‍රීපාල : ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ !

Published in පුවත්
Sunday, 29 November 2015 18:11

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලෝකයට වීරයෙකි. ලෝකයේ දරුණුතම ත්‍රස්ත ව්‍යාපාරය ලෙස නම් කෙරුණු එල්ටීටීඊ සංවිධානය සිදුකළ 30 වසරක යුද්ධය ජයගත් වීරයා, ලෝකය හමුවේ වීරයකු වූයේ නැත. යුද්ධය ඕනම ගොනෙකුට කරන්න පුලුවන් දෙයක් බව මෙරට සිටින ගොන් නාම්බන් 58 ලක්ෂ දෙනා නොදැන සිටි සත්‍යක් වූවද ශිෂ්ඨ සම්පන්න ලෝකයේ මිනිස්සු සාමයෙහි, සංහිදියාවේ. සාකච්ඡාවේ, සම්මන්ත්‍රණයේ... අගය දන්නා වුන්ය.

ඊටත් වඩා මිලිටරී යාන්ත්‍රණයකට රට යටත් කොට තැබූ ඒකාධිපතියකු බලයෙන් පහ කරලීම සඳහා ජිවිත අවධානමද නොතකා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝකය හමුවේ ඇගයුමට පාත්‍රවීම අරුමයක් නොවේ.

කොහොම නමුත් ප‍ටු දේශපාලන න්‍යාය ධර්මයන්ට , පෞද්ගලික වාසියට , පවුලේ වාසියට, මිතුරන්ගේ වාසියට.. කළ දේශපාලනය වෙනුවට පුරවැසියාගේ නිදහස විමුක්තිය දියුණුව ඉලක්ක කර ගත් ප්‍රජාතන්ත්‍රාවාදී ආණ්ඩුවක් තුළින් යහපාලනය උදාකරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා අපමණ බාධා, මඩ ප්‍රහාරයන් මැද්දේ වුව සිය දේශපාලන ස්ථාවරයන් වෙනුවෙන් නොසැලී සිටීම මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු දැක්වූ විශිෂ්ඨතම ගුණාංගය ලෙස හැඳින් විය හැකිය.

විරුද්ධ වාදීන් මර්දනය කරමින් මාධ්‍ය වසා දමමින් තුවක්කුවේ බලයෙන් බංකර් මාලිගා වලට වී රාජ්‍ය පාලනය කරන්න සිදුවන්නේ බියගුල්ලන්ටය. නායකයකු ලෙස පෞර්ශ හීනයකුටය. බොරු කාරයකුටය. පසුගිය රාජපක්ෂ පාලනය යනු එහි ඉහළම උදාහරණයය.

මෙරට බහුතරයක් ජනී ජනයාට තවමත් මෛත්‍රී - රනිල් සුසංයෝගයේ දේශපාලනය තේරුම ගැනීමට නොහැකිව තිබීම අවසනාවන්ත තත්වයක් වූවත් සංවාදයට විසංවාදයට ඉඩ නොතබා, බොරු පොරොන්දු, කට මැත දෙඩවීම්, මාධ්‍ය සංදර්ශන , ප‍ටු වර්ගවාදී අදහස් , පසුගාමී ආකල්ප පෝෂණය කරමින් දශක ගනනාවක් තිස්සෙ ‍රැගෙන ආ කාලකණ්නි දේශපාලන සම්ප්‍රධායේ තර්කානු ප්‍රතිපලයක් විනා ඒ එකවර පහල වූ තත්වයක් නොවේ. ඒ වෙනස් කිරීම පහසු කාරියකුදු නොවේ. ජනාධිපතිවරයාට අගමැතිවරයාට තවත් කලාන්තරයක් යන තෙක් මඩ අවලාද නින්දා ආදියට මුහුණ දීමට සිදුවනු ඇත. ඊටත් වඩා ඔවුන්ගේ වෑයම සාර්ථක කර ගැනීමට ආණ්ඩුවේ හා එක්ව සිටින මැති ඇමැතිවරුන්ව පවා නිවැරදි මාර්ගය වෙත මෙහෙයවීම සරල නොවනු ඇත.

ඒ අභියෝගය මධ්‍යයේ වුව පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක නාය්කයන් වෙති ලැබුණු පිළිගැනීම තරමටම මෝල්ටා රාජ්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවේදී ද ලැබී තිබුණු බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එය මේ රටට ශක්තියකි.

විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු කරුණු කිහිපයක් තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටියදි පොදු රාජය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධුරය මෙරටට ලැබිමේදී මෙරටට පැමිණීම පවා වර්ජනය කළ කැනඩාව මෙවර ශ්‍රී ලංකව කෙරෙහි ඉතා සුහද ප්‍රතිපත්තියක් පෙන්වා තිබේ. එදා ලෝකයට චන්ඩි පාර්ට් දමමින් ගෙන ගීය මජර විදේශ ප්‍රතිපත්තිය වෙනුවට ලෝකයේ හතර දිග්භාගයේම රාජ්‍ය සමඟ සුහද ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමෙහි අගය මේවන විට ශ්‍රී ලංකාවට ප්‍රතිලාබ රැසක් අත්පත් කර දීමට සමත්ව තිබෙන බව කැනෙඩියානු අගමැතිවරයා හා ජනාධිපති සිරිසේන මහතා අතර වූ ද්විපාර්ශ්වික සාකච්ඡා ගැන සලකා බැලුවද ප්‍රමණවත්ය.


එමෙන්ම මෙම සමුළුවට සමගාමීව හිටපු පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා,පැවැත්වූ මධ්‍ය හමුවකදී ජනාධිපත් සිරිසේන මහතාව ඉහළින් අගය කිරීම කැපී පෙනුන සිදු වීමකි. ඔහු හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙරට පැවැති පොදුරද මඩුළු සමුළුවට පෙර හා පසුව පළ කළ අදහස් සැලකිමේදී මේ, අහසට පොළව මෙනි. එදා ඔහු වෙතින් පැවසුනේ, එම සමුළුවේ සභාපතිධුරය ශ්‍රී ලංකාවට දෙන්නේ පන්තියේ නරකම ළමයාට , මොනීටර්කම දෙනවා මෙන් දෙයක් ලෙස සලකා බවය.

මේ මෙවර ඔහු පළ කළ අදහසක්,

”ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් හා වගවීම යනාදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කිරීමෙහි ලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගේ කැපවීම අතිශයින්ම යහපත් වුවක්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස සියලු සහයෝගීතාවන් පුළුල් කළා පමණක් නොව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කළ දේශනයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රශස්ත කාලයක් වෙන් කිරීමට ද කටයුතු කළා………”

”පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ලෙස ශ‍්‍රී ලංකා ජනාධිපති ඔහුගේ වගකීම් ඉතා කැපවීමෙන් හා භාරදූර ලෙස ඉටු කළා. ඔහු සමග වැඩ කිරීමට ලැබීම ඉතා සතුටක්…”


කුඩා රාජ්‍යයක නායකයෙකුට ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින් කීප දෙනක් සමඟ ද්වී පාර්ෂික සාකච්ඡා වල යෙදීමට අවස්ථාව ලැබෙන්නේ ද කලාතුරකිනි.ජනාධිපති සිරිසේන මහතාට එලෙස රාජ්‍ය නායක හමුවීම් කිහිපයකට සම්බන්ධ වීමේ හැකියාව ලැබී තිබිණි.

ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාද ඉතා සුභවාදී විය. ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් සහ සංහිඳියාව ගොඩ නැගීම වෙනුවෙන් පවුම් මිලියන 6.6 ක් ලබා දෙන බව මේ කෙටි සාකච්ඡාව තුලදී බ්‍රිතාන්‍යය අගමැතිවරයා පොරොන්දු වී තිබිණි.

කොහොම නමුත් රටේ නායකයන් ජාත්‍යන්තරය වඩා හොඳ ලෙස කළමනාකරණය කර ගන්නා බවක් පෙනෙන්නට තිබේ. මෙරට ගැටළු සියල්ල ද එලෙසම වඩා හොඳ ලෙස විසඳා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බව මේ දක්වා බලපොරොත්තු තැබිය හැකි තත්වයක තිබේ.


මීට කලකට පෙර මෙරට දේශපාලනය ගැන කියැවූනේ ජනතාව ඉදිරියන් බවත් නායකයන් පසුගාමී බවය. අද මේ මොහොත වන තත්වය එහි අනෙක් පැත්තේය. නායකයන් ඉදීරිගාමී වූවත් ජනතාව සිටින්නේ පසුපසිනි. ජනතාවගේ ධෛර්යය වුවමනාව නොමැතිව ඉදිරිගාමී නායකයකුට වුව රටක් ශක්තිමත්ව ස්ථාවරව ගොඩනැගීම පහසු කාරියක් නොවේ. ඒ අනුව මේ ගෙවෙන යුගය යනු ජනතාව තමන්ගේ බුද්ධිමත්භාවය පරික්ෂාවට ලක්කර ගන්නා යුගයකි. තව වසර පහකින් පසුව දකින්න ලැබෙන ලංකාව එහි ප්‍රතිපළය කියනු ඇත.

- කළණමිත්

chogm-4

chogm-2chogm-3 

Last modified on Sunday, 29 November 2015 18:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us