විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව අද කැබිනට්‌ අනුමැතියට

Published in පුවත්
Wednesday, 18 November 2015 08:43

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමට අද (18දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට තමා විශේෂ කැබිනට්‌ පත්‍රිකා දෙකක්‌ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කොට එම ධුරයට හිමි බලතල පාර්ලිමේන්තුවට සහ ස්‌වාධීන කොමිෂන් සභාවලට පැවරීමට අවශ්‍ය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සිදු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ වන විටත් සාකච්ඡා කොට අවසන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දැනට පවතින මනාප මැතිවරණ ක්‍රමය අහෝසි කොට නව මැතිවරණ ක්‍රමයක්‌ ඉතා ඉක්‌මනින් හඳුන්වාදීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එවිට නිදහස්‌ හා සාධාරණ මැතිවරණ පැවැත්වීමටත් දූෂණයෙන් සහ වංචාවෙන් තොර ජනතා නියෝජිතයන් පත්කර ගැනීමටත් ජනතාවට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මැතිවරණ, අධිකරණ, රාජ්‍ය සේවා, මානව හිමිකම් ඇතුළු ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම මගින් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටවල පවතින පාලන ක්‍රමවලට සමාන තත්ත්වයට පත්ව තිබෙන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන් 2000 ක්‌ සඳහා ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

divaina

Last modified on Wednesday, 18 November 2015 10:00

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us