රාජිත, සයුරුව බිල්ලට දි සුදනා වෙන්න හදයි, ඉල්ලා අස්වී වගකීම බාරගන්නා ලෙස බලපෑම්

Published in පුවත්
Tuesday, 17 November 2015 13:56

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත  සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

මෙම අල්ලස් සිද්ධියේ හෙළිදරව්ව නිසා මේ වන විට ආණ්ඩුව තුළද මහත් කැළැඹීමක් හට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඇමැතිවරු ගනනවක ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් දැනුම් දී තිබේ.

මේ අතර රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා හා ඇමති බිරිඳ සුජාතා සේනාරත්න මහත්මිය ද අල්ලස් ලබා ගැනීම සිදු කළේ ඇමැතිවරයා නොව තමන් විසින් බවට මාධ්‍යට ප්‍රකාශයක් කරන ලෙස සමරතුංග මහතාට තර්ජනාත්මකව පවසා ඇති බවත් ආණ්ඩුවේ ප්‍රබලයන් හා නීතිඥවරු හමුවෙමින් මෙම අල්ලස් චෝදනාවේ ගැලවීම මාර්ගයක් සොයමින් සිටින බවත් වාර්තාවේ.

කෙසේ නමුත් රාජිත සේනරත්න මහතා හා තමුන් අතර තිබු ගනුදෙනු ඔප්පු කිරීම සඳහා තවත් සාක්ෂි ‍රැසක් සේනාධිපති මහතා සූදානම් කරගෙන ඇති බවත් දැන ගැනිමට ඇත.

Last modified on Tuesday, 17 November 2015 14:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

Connet With Us