ඊළඟට, ඇවන්ගාඩ් බ්ලැක් ලිස්ට්. මහරාජාට හා ඇමැතිවරයාට ඉඩ

Published in පුවත්
Wednesday, 11 November 2015 20:07

අවිආයුධ ගණුදෙනුවේදී ක්‍රමවේද සහ නීතිමය කාරණා පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

අද(11) පස්වරුවේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇවන්ගාඩ් පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වූ අතර ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීය.

කෙසේ නමුත් පාවෙන අවිගබඩා සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සම්මුති අනුව රජයේ නාවික හමුදාවකට මෙම ව්‍යාපාරය සිදු කිරීමේ හැකියාවක් නෑත. එමෙන්ම ගාලු වරායේ හෝ අවි ගබඩා කිරීම ද තහනම් කටයුත්තකි. මේ අනුව නාවික හමුදාවට 2009 , 2010 වසරේදී සිදු කළාක් මෙන් සුළු ආයුධ සිය කඳවුරතුල ගබඩා කිරීමෙන් සුළු ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පම්නක් ඉතුරු වනු ඇත. එසේම විදේශ හෝ වේවා දේශීය හෝ වේවා කවර නාවික යාත්‍රාවකට ආරක්ෂාව සැපයීමේ රාජකාරියද නාවික හමුදාවට සිදු කළ නොහැක . එයද ජාත්‍යන්තර නීතිය අනුව තහනම් කටයුත්තකි.

නමුත් ඉදිරියේදී මේ උණුසුම පහව ගිය පසු මෙම පාවෙන අවි ගබඩා ව්‍යපාරය අත්පත් කර ගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ මහරාජාද කැබිනට් ඇමැතිවරයාද පාවෙන අවි ගබඩා ආරම්බ කිරීම සිදු විය හැකිය.

එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ ඇවන්ගාඩ් තව දුරටත් මෙම ව්‍යාපාරයේ යෙදෙන්නේ නම් තමුන්ට එම ව්‍යාපාරය කිරීමෙන් ලාබ ඉපැයිය නොහැකි බවය. මන්ද මේවන විට මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ලොකයේ අංක එකේ ව්‍යාපාරිකයා වන්නේ ඇවන්ගාර්ඩ් සමාගම වන අතර වැඩිම පිරිසක් හා වැඩිම නවුකා ප්‍රමාණයක් ඇති ව්‍යාපාරිකයාද ඇවන්ගාඩ් සමාගම වෙයි. මේ නිසා ඔහුව අත් අඩංගුවට ගෙන එම ව්‍යාපාරය බ්ලැක් ලිස්ට් කර තමන්ට මේ ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙස රජයේ ඉහළම බලවතකුට පසුගිය දින කිහිපයේදීම කන්නලව් කර තිබිණි.

ඒ කෙසේ නමුත් අද දින ජනාධිපතිවරයා ගනු ලැබු තීන්දුව සම්බන්ධයෙන් තොරතුරු අප විසින් ඊයේ පළ කළ පුවතකින් හෙළි කළෙමු.

සැබඳි පුවත:

ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි

 

Last modified on Wednesday, 11 November 2015 20:20

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us