කොළඹ ජනාධිපති මන්දිරය යට තවත් සුඛෝපභොගී මාළිගාවක් ! Featured

Published in පුවත්
Thursday, 22 October 2015 12:34

මෙතුවක් කල් මාධයයට අනාවරණය නොවූ සුඛෝපභෝගී මන්දිරයක් කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය යට ඉදි කොට ඇති බව අද දින(22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට පෙන්වන ලදී.

පරිසර නියමු වැඩසටහනක උත්සවයක් සඳහා කොළඹ ජනාධිපති මන්දිරයට පැමිණ සිටි මෙම දරුවන්ට ජනාධිපතිවරයා විසින් පැවැසූවේ ජනාධිපති මන්දිරය බලන ගමන් පොළව යට තිබෙන මාළිගාවත් නරඹන්නට අමතක නොකරන ලෙසය.

තමා ජනාධිපති මන්දිරයේ සිය නිවස ලෙස යෝදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බැවින් බව පැවැසී ජනාධිපතිවරයා පොළවයට තිබෙන මාලිගාව සඳහ මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතව විදුලි බිලක්ද දරන්නට සිදුව ඇති බව පැවසීය.

මෙම පොළව යට මාළිගාව ඉදිකොට ඇත්තේ රාජපක්ෂවරුන් විසින්ය. සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද අධිසුකෝපභෝගී ලෙස මෙය ගොඩනගා තිබේ. මෙහි කොටසක් පොළවෙන් මතුපිටටද ඉදි කර ඇති අර මෙම ගොඩ නැගිල්ලේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට නොහැකි ලෙස පැය 24 මේ ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත. මෙම ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස ලෙස යොදා ගත්තේ ද නැත. එය රාජතන්න්ත්‍රික හමුවීම් සඳහා යොදා ගත්තා පමණය. එවැනි තැන මෙලෙස බිලියන් ගන්නක් වැයකර  ඉදිකිරීම් කිරීම අති විශාල නාස්තියක් බව කිව යුතුය

Last modified on Thursday, 22 October 2015 12:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us